අමාරුවෙන් පිටියට ආ ඉන්දියානුවන්ට ක්‍රිෂ්නගෙන් හෝම් රන් පහරක්

Date:

දින ගණනක් තිස්සේ දුර කතර ගෙවා ගෙන ඉස්ලාමාබාද් වෙත ළඟා වන්නට සමත් වූ ඉන්දීය කණ්ඩායමට නිසි වේලාවට ඉස්ලාමාබාද් වෙත ළඟ වන්නට නොහැකි වීමෙන් පලස්තීනය සමඟ පැවති තරගය අහිමි වී නිතර පරාජයක් ද එකතු විය.එවැනි තත්ත්වයක සිට 15 වන බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ සිය පළමු තරග අත්දැකීම විඳින්නට පිටියට බට ඉන්දිය ක්‍රීඩකයින්ට ලකුණු 11 – 02 ක පරාජයක් උරුම කර දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
එහිදී ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් හොඳින් සම්මාදම් වූ ක්‍රිශ්ණ හපුආරච්චි ලබා ගත් පිටියේ සීමාවෙන් එපිට රැඳුණ හෝම් රන් එක ඊයේ ක්‍රීඩා පිටියට එක්ව සිටි බොහෝ අයගේ කතා බහට ලක් වූ එකක් විය.අක්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන ක්‍රීශ්නගේ ප්‍රහාර නේපාලයට එරෙහිවද හොඳින් ක්‍රියාත්මක වූ අතර එම තරගයේදී ද ක්‍රීශ්න එල්ල කළ දිගු පහරක් හෝම් රන් එකක් නොවී බේරුණේ අනූ නවයෙන්ය.
පලස්තීනයේ පළමු තරග වැදීමේ අත්දැකීම බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේදී ඊයේ සිඳු වූ අතර එහිදී ඔවුන් නේපාලයට එරෙහිව 21 – 01 ක ජයක් අත් කර ගැනීමට සමත් විය.සත්කාරක පකිස්තානය ඊයේ ලකුණු 14 – 00 ක් ලෙස බංගලාදේශයට පරාජය උරුම කර දුන්නේය.
අද එරට වේලාවෙන් පස්වරු 3.30 ට ශ්‍රී ලංකාව බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියට කෝඩුකාර පලස්තීනය හමුවන්නේය.ඡායාරූපවල සිටින්නේ ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අනර්ඝ හෝම් රන් එකක් ලබා ගත් ක්‍රිශ්ණ හපුආරච්චිය.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...