ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිවරයාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, පාසලේ පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 150,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමට ගිය අවස්ථාවේදී ය.

සැකකාර විදුහල්පතිවරයා මුලින් රුපියල් 200,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එය 150,000 ක් දක්වා අඩුකර ඇති බවත් සඳහන්.

RN