*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

බොරැල්ල අත්බෝම්බ සිද්ධිය : කුමන්ත්‍රණයක් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (VIDEO)

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඊයේ (29) පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන චිරන්ත අමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

“විශාල නාට්‍යයක් මේක පිටිපස්සෙ තියෙන බවක් පේනවා. මේ බෙල්ලන්විල විහාරයේ අත්බෝම්බ සිද්ධිය ගිලලා තිබුණෙ. දැන් ඊයෙ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලිව කියනවා මේ සිදුවීම් දාමයට බෙල්ලන්විල අත්බෝම්බයත් සම්බන්ධයි කියලා දැන් කරුණු අනාවරණය වෙලා තියෙනවාලු.

මේක පිටිපස්සෙ තියෙන මහා කුමන්ත්‍රණය පටන් 2021 සැප්තැම්බර් මාසෙ 13 වෙනිදා. ඒ කුමන්ත්‍රණකාරී තත්වය ආරම්භ කරන්නෙ මේ රටේ ඕනෑම වෙලාවක ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්, බඩු ලෑස්තියි කියලා එක්තරා කෙනෙක් ප්‍රකාශයක් කරනවා හිරු සලකුණට ඇවිල්ලා. ඊට පහුවදා තමයි මේ නාරාහේන්පිට අත්බෝම්බය හම්බුවෙන්නෙ. ඊට පස්සෙ හරියටම මාසෙකින් ඔක්තෝබර් 13 වෙනිදා තමයි බෙල්ලන්විල අත්බෝම්බය හම්බුවෙන්නෙ.

මේ බොරැල්ල අත්බෝම්බ සිද්ධියේ මුලින්ම අත් අඩංගුවට ගත්තෙ සන්ක්‍රිස්තියන්. අපි අහනවා දැන් ඔය දොස්තරලා නම් ඕක කරලා තියෙන්නෙ එතකොට සන්ක්‍රිස්තියන් ඇතුළෙ තියාගෙන ඉන්නෙ ඇයි ? තාමත් මුනි ඇතුළෙ … සරත් වීරසේකර මොකක්ද මේ කරන්න හදන්නෙ ? මේ රටේ කතෝලිකයින් හා බෞද්ධයින් අතර මේ කූඨ කුමන්ත්‍රණකාරී දේශපාලනය සඳහා මේ සිදුවීම යොදාගෙන ඡන්ද පදනම තහවුරු කරගැනීම සඳහා දේශපාලන ගේම් එකක් යනවා කියන එක තමයි මේකෙන් පේන්නෙ”

චිරන්ත අමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ පොලිස් මූලස්ථානය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan