අඛණ්ඩව විදුලිය දීගන්න බෑ. කප්පාදුවක් අනිවාර්යයයි. ගම්මන්පිල දින වකවානුත් කියයි (VIDEO)

පෙබරවාරි මාසයේ මැද භාගය හෝ මාර්තු මාසයේ මුල් සමය වනවිට අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“කැබිනට් අමාත්‍යවරයෙකු හැටියට මම තත්වය පැහැදිලි කළ යුතුයි. සෑම වසරකම ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම 8% කින් ඉහළ යනවා. ඒ නිසා රජය සෑම විටම ඉල්ලුමට සරිලන පරිදි නව විදුලි බලාගාර ජාතික පද්ධතියට එක් කළයුතුයි. නමුත් අවාසනාවන්ත ලෙස 2014 වසරේ සිට නව බලාගාර එකතුවී නැහැ.

සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා පවතින වියළි කාලගුණයත් සමග අපේ විදුලි නිෂ්පාදනය වැඩි වශයෙන් යැපෙන්නේ තාප බලාගාර මතයි. දැන් තාප බලාගාර වලටත් රටේ සමස්ත විදුලි ඉල්ලුම සපයන්න බෑ. අපි දත්ත බැලුවොත් නොවැම්බර් මාසය වනවිට රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 65%ක් සැපයුනේ ජන විදුලියෙන්. දැන් මෙය 25% ක් දක්වා අඩුවෙලා තියෙනවා.

ඒ නිසා මම අනාවැකි පළ කරනවා මාර්තු මාසයේ මුල් සමය වනවිට හෝ පෙබරවාරි මාසයේ මැද භාගය වනවිට අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යෑමට සිදුවෙයි කියලා”

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ විදෙස් ප්‍රවෘත්ති සේවාවක් සමග අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...