ඉම්රාන් ඛාන්ට දස වසරක සිර දඩුවම්

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ සමීපතමයෙකු වන හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට රාජ්‍ය රහස් හෙළි කිරීම හේතුවෙන් දස වසරක සිර දඩුවම් නියම කර ඇති බව වාර්තා වේ.

ඛාන් මෙම චොදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමා අගමැති ධුරයෙන් ඉවත් කිරීම එක්සත් ජනපද පරිපාලනයේ සහාය ඇතිව ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් සහ බලවත් හමුදාව විසින් සකස් කරන ලද කුමන්ත්‍රණයක් බවට දිගින් දිගටම චොදනා කරයි.

ඛාන් 2018 අගෝස්තුවේ සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා වූ අතර ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත් විය. ඔහු පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට විවිධ නඩු විභාගවලට මුහුණ දෙමින් සිරගතව සිටියි.

පෙබරවාරි 8 වැනිදා පකිස්තානයේ මහ මැතිවරණයට පැවැත්වීමට සූදානම් වන අතර මෙම අධිකරණ තීරණයත් සමග ඛාන්ට මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් වීමට නොහැකි වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...