පුංචි ජන්දෙට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය පුටුව ලකුණින්!

Date:

කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සන්ධානයක් ලෙස පුටුව ලකුණින් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින් ඉදිරිපත් වීම ගැන මේ දිනවල තවදුරටත් සාකච්ජා පැවැත්වෙන බවයි.

නායකත්ව මණ්ඩලයක් මඟින් එම සන්ධානය මෙහෙයවන අතර දැනට නායකත්ව මණ්ඩලයේ නායකයා ලෙස අනුර ප්‍රිදර්ශන යාපා සහ ලේකම් ලෙස තමන් කටයුතු කරන බවයි අලගියවන්න මහතා පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ හිටපු මන්ත්‍රීවරු 30ක් පමණ පොදුජන එක්සත් පෙරමුණට සහය දෙමින් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...

Colombo City Holdings’ සමඟ එක්වූ නෙලක හතුරුසිංහ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : කලම්බු සිටි හෝල්ඩින්ග්ස්...