සංශෝධිත බද්දට එරෙහි විරෝධය උත්සන්න වෙයි – ලංවිම ම ලෙඩ නිවාඩු දමයි (VIDEO)

0
532

සංශෝධිත නව අදායම් බද්දට එරෙහිව පෙබරවාරි 08 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම නිලධාරීන් සහ සේවකයින් ලෙස නිවාඩු වාර්තා කරමින් විරෝධතාවක් සංවිධානය කර තිබෙන බව එම වෘත්තීය සමිති ඒකාබද්ධව අද (31) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

ඒ අනුව එදිනට සියලුම දෙනා ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නියැලීමට නියමිතයි.

විශේෂයෙන් එදිනටද උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් රටේ කිසිදු තැනක විදුලිය බිඳ වැටීමකට ඉඩ නොදෙන බවද එම වෘත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ