රාජපක්ෂලා හොරා කාපුවගේ පාඩුව පියවගන්න ආණ්ඩුව පොඩි මිනිසුන්ට බදු ගහනවා – සජිත් (VIDEO)

Date:

අපේ රට ගොඩනගන්න අලුත් දැක්මක්, දර්ශනයක් අවශ්‍ය වුවත් වත්මන් ආණ්ඩුව ඒ කිසිවක් නොතකා පදික වේදිකාවේ වෙළෙඳම් කරන වෙළෙන්දාගේ සිට සෑම සියලු දෙනාටම බදු පිට බදු ගසමින් කටයුතු කරන බවත් ඔවුන් ඒ සඳහා හේතු ලෙස දක්වා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාත්මක කරන්නේය යනුවෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කළ යුත්තේ මිනිසුන්ගෙන් පැත්තෙන් සිතා සාමාන්‍ය ජනතාවට අඩු පීඩනයක් ලබා දීමෙන් වුනත් වත්මන් රජය විසින් ජනතාවගේ පිට බදු පිට බදු පටවමින් රාජපක්ෂලා විසින් සොරකම් කරන ලද මුදල්වල වන්දි ජනතාවටම පවරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ලක්ෂ 220ක් වූ ජනතාවට කියා සිටින්නේ සමගි ජන බලවේගය වුවත් බලයට පත් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගණුදෙනු කර සිටින්නේ රටේ ජනතාවට පීඩනයක් ඇති නොවන අයුරින් බවත් එය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ක්‍රමවේදය බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නටමින් සිටින බව යි.

රාජපක්ෂලා නැති කරන ලද මුදල් ලබා ගන්න ජනතාව පිට බදු නොගහා රාජපක්ෂලා ඇතුළු පිරිස හොරා කාපු මුදල් නැවත පවරා ගැනීමට කටයුතු කිරීමේ නූපන් මතු පරම්පරාවේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් සිදු කළ හැකි බවද විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය ආණ්ඩුව විසින් හොඳට වගාකරමින් සිටි ගොවි ජනතාවට පොහොර ලබා නොදීමෙන් ආරම්භ කළ ගොවියා විනාස කිරීමේ වැඩපිළිවෙළේ වර්තමාන තත්ත්වය වන්නේ ගොවියාගේ අස්වැන්න විකුණා ගත හැකි හොඳ වෙළෙඳ පොළක් නොතිබීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගොවියා සුරකින් ගොවියා රැකගන්න ගොවියා ආරක්ෂා කරන පොදු මිනිහගේ දුක දන්න ප්‍රේමදාස යුගයක් බිහි කරන්න එකතු වන ලෙස යි.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ පොතුවිල් සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (31) එක් වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...