13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න වෙනවා, අපට ඊට සහාය දෙන්නත් වෙනවා – දිළුම්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත්නම් එය එසේම ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත් තමන්ටත් ඊට සහාය දීමට සිදුවන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“ඔය 13 වැනි සංශෝධනයේ තියෙන සියලු කාරණා පහුගිය ජනාධිපතිවරු හෝ පහුගිය රජයන් 100% ක් ක්‍රියාත්මක කෙරුවේ නෑ. අපේ රජයත් ඒක 100% ක් ක්‍රියාත්මක කෙරුවේ නෑ, යම් මතයක් රටේ තිබුණු නිසා ඒක ක්‍රියාත්මක කෙරුවොත් බෙදෙනවායි කියලා. ඉතින් ඒක හිටපු නායකයින්ගෙ මතය, මේක අලුත් ජනාධිපතිතුමාගෙ මතය. හිටපු ජනාධිපතිතුමාව ගෙදර යවලා තමයි මෙතුමාව පත්කෙරුවේ. අර මතය කියන කෙනා ගෙදර යැව්වා නම් මේ මතය කියන කෙනාගෙ එක ක්‍රියාත්මක කරන්න ඕනෙ. වෙන කරන්න දෙයක් නෑනෙ. ඉතින් රජයන්, රටවල් අමාරුවෙ දාපුවාම ජනතාව සහ කණ්ඩායම්, ඒ අමාරුවෙ වැටීම තුළ රටවල්වලට අත්වෙන ඉරණම් තියෙනවා. ඒ අනුව මෙතුමාට 13 ක්‍රියාත්මක කරන්න වෙනවා නම්, නොකරන්න හිටපු අය යැව්වා නම් එතකොට ඒක ක්‍රියාත්මක කරන්නත් වෙනවා, අපට සහයෝගය දෙන්නත් වෙනවා. කරන්න දෙයක් නෑ. දැන් කෑගැහුවාට වැඩක් වෙන්නෙ නෑ”

අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (31) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...