එවෙලේ අපට කේන්ති ගියාට වේඬරුවේ හිමිගේ හිට්ලර් කතාවට අර්ථයක් තිබුණා – හඳුන්නෙත්ති (VIDEO)

එදා ප්‍රතිවිරුද්ධ කඳවුරේ දේශපාලනය කළ තමන්ට කේන්තියක් ඇතිවූ නමුත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසූ “ඔබතුමා හිට්ලර් වගේ වෙලා හරි මේ රට හදන්න” යන ප්‍රකාශයට තේරුමක් තිබුණු බව ජාතික ජන බලවේගයේ නායකයකු වන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අපට මතකයි වේඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවෝ, උන්වහන්සේ කිව්වා ‘ඔබතුමා හිට්ලර් වගේ වෙලා හරි මේ රට හදන්න’ කියලා. එතකොට අනිත් පැත්තේ දේශපාලනය කරපු අපට පොඩ්ඩක් කේන්තිත් ගියා. හැබැයි ඒකෙ අර්ථයක් තිබුණා. ඒ කියන්නෙ මේ රට හදන්න විනය ගරුක පාලකයෙක් ඕනෙ. මේ රට හදන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. හොරු අල්ලන්න ඕනෙ, දඬුවම් දෙන්න ඕනෙ කියලා විශ්වාස කළා. ඒ වෙනුවෙන් තරුණ තරුණියෝ ස්වේච්ඡාවෙන් පාරවල්වල චිත්‍ර ඇන්දා. මොකක්ද චිත්‍රවල තිබුණේ ? ඒ චිත්‍රවල තිබුණෙ දේශප්‍රේමය, දේශීයත්වය, අපේකම. ඒවා ස්වේච්ඡාවෙන් ඇන්දේ වෙන මොකවත් නෙවෙයි ඒවා නියෝජනය කරන ආණ්ඩුවක්, පාලකයෙක්, පාලනයක් පත්කරගන්න ඕනෙ කියලා විශ්වාස කරපු නිසා. ඒක වැරදි නෑ. වැරැද්ද මොකක්ද, ඒ එදා ජනතාවගේ ජනවරමට, අභිප්‍රායට පයින් ගහපු එක”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...