කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (05) දිනයේදී ඒකක 589.18ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,000 සීමාව ඉක්මවා ගොස් ඒකක 21,130.30ක් ලෙසින් සටහන් වූ අතර මෙය පෙර දිනය හා සැසඳීමේ දී 2.87%ක ඉහළ යාමකි.

එසේම අද දිනයේදී S&P SL20 දර්ශකය ඒකක 194.79ක ඉහළ යාමක් වාර්තා කළ අතර ගනුදෙනු අවසානයේ දී එය ඒකක 6,000 සීමාව ඉක්මවා යමින් ඒකක 6,029.88ක් ලෙසින් සටහන්ව තිබිණි.

එමෙන්ම අද දිනයේදී රුපියල් බිලියන 5.43ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂත්වයකි.

ඊයේ (04) දිනයේදීත් සියලු කොටස් මිල දර්ශකය ඒකක 421.48ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කර තිබුණු බැවින් දින දෙකක් තුළ ඒකක 1,010.66කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ යාම ආයෝජකයින්ට සුබ ලකුණු පෙන්නුම් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...