ඩොලර් හිඟය මැද “අන්තරාදායක භාණ්ඩ” ගොඩගැසීම නිසා වරාය අර්බුදයක!

Date:

වත්මන් ඩොලර් හිඟය මධ්‍යයේ කොළඹ වරායෙන් භාණ්ඩ නිදහස් කරගැනීමේ ප්‍රමාදය තුළ “අන්තරාදායක” යැයි වර්ගීකරණය කළ භාණ්ඩ ගොඩගැසී තිබීම නිසා කොළඹ වරාය දැඩි අවදානමකට මුහුණ පා ඇති බවට වාර්තා වේ.

මෙම අන්තරාදායක භාණ්ඩ අතර, විවිධ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වහාගිනිගෙන දැවෙන ද්‍රව ආදී භාණ්ඩ ඇතුළත් බවට සඳහන්.

ඩොලර් හිඟය තුළ බැංකු වලින් ණයවර ලිපි නිකුත් නොකිරීම හා ඩොලර් ගෙවීම් සඳහා පනවා ඇති දැඩි රෙගුලාසි මත, මෙසේ භාණ්ඩ ගොඩගැසී ඇති බවත්, අන්තරාදායක කාණ්ඩයට අයත් භාණ්ඩ දිගුකලක් වරාය තුළ ගොඩගැසී තිබීම අවදානම්කාරී බවත් සැපයුම්කරුවෝ පවසති.

මෙම ඇතැම් අන්තරාදායක භාණ්ඩ සති 08 කට ආසන්න කාලයක් මුළුල්ලේ වරාය තුළ ගොඩගසා ඇති බව ද වාර්තා වේ. විද්වතුන් පෙන්වා දෙන්නේ වහාගිනිගෙන දැවෙන මෙවන් භාණ්ඩ උණුසුම් ගබඩා තත්ත්ව යටතේ අධික පැය ගණන් ගබඩා කර තැබීම බොහෝ සෙයින් අවදානම්කාරී බවයි.

විවිධ කටයුතු වලට යොදාගන්නා මෙවන් වහාගිනිගෙන දැවෙන හා අන්තරාදායක කාණ්ඩයට ඇතුළත් වන භාණ්ඩ සාමාන්‍යයෙන් ගොඩබෑමේ සිට පැය 24 – 48 අතර කාලයක් තුළ නිදහස් කර ගත යුතු අතර, මෙසේ සති 08 කට ආසන්න කාලයක් මුළුල්ලේ එවන් භාණ්ඩ වරාය තුළ ගොඩගැසී තිබීම මඟින් ජීවිත අවදානම් පවා ඇතිකිරීමට ඉඩතිබෙන බවයි සැපයුම්කරුවන් පවසන්නේ.

තව ද, පවතින ඩොලර් හිඟය හා ඩොලර් ගෙවීම් සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසි හමුවේ සිය ව්‍යාපාර වලට දැඩි තර්ජනයක් මතුව පවතින බව ද ඔවුහු අවධාරණය කළහ. ඇතැම් භාණ්ඩ නිදහස් කර ගැනීමට දිගු කාලයක් ගතවීම හේතුවෙන් හිඟ මුදල් ගෙවීමට සිදුව ඇති බවද මෙම සැපයුම්කරුවෝ පෙන්වා දුන්හ. 

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...