කල් ඉකුත් වූ කහ ටොන් 78 කට මුද්‍රා තැබේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): අද (01) දින විදේශ රටකට අපනයනය කිරීම සඳහා කහ ආශ්‍රිත රූපලාවන්‍ය දියරයක් නිෂ්පාදනය කිරීමට ගෙනවිත් කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තුළ ගබඩා කර තිබූ වසරකට පමණ පෙර කල් ඉකුත් වූ බව පැවසෙන කහ ටොන් හැත්තෑ අටකට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

අදාළ මුද්‍රා තැබූ කහ තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බව පැවසේ.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරිය හා එක්ව මෙම වැටලීම සිදු කර ඇත. කොරෝනා සමයේදී මෙරටට ආනයනය කොට විධිමත් ලෙස නිදහස් නොකිරීම නිසා කල් ඉකුත්ව රේගුවේ අපහරණ අංශය භාරයේ තිබූ කහ බහාලුම් 16 කොටසක් නිදහස් කර දෙන ලෙසට පන්නිපිටිය අතුරුගිරිය පාර රුක්මල්ගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් ඉල්ලීමක් කර තිබු බවද සඳහන් වේ.

ඒ අනුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදාළ කහ තොගය තෙල් නිස්සාරණය කිරීම සඳහා නිදහස් කිරීමට අවසර ලබාදී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...