මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැහැ – ආණ්ඩුවේ යෝජනාවට මන්ත්‍රී රවීත් අත ඔසවයි!

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තු සැසිවාරයේ දී මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන අතර ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති බවත් රවි කරුණානායක මහතා පවසයි.

ආදායම් ඉපයීම වෙනුවෙන් දේශපාලනයට නොපැමිණිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණයට පාර්ලිමේන්තුවේ 225ම සහය දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවද රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

මේ අතර වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන්ද රවී කරුණානායක මහතා සිය අදහස් දක්වා සිටියි.

‘‘වාහන ගෙන්වීම ආරම්භ කරනවා නම් රුපියල අවප්‍රමාණය ඇති නොවන විදිහට කටයුතු කළ යුතුයි. රාජ්‍ය නිලධාරින් මේ අවශ්‍යතාව තේරුම් ගෙන උපරිම මිල පරාසයකට ගේන්න ඕනෙ. බදු නොගෙවීම ප්‍රශ්නයක්. මම ඉදිරිපත් කරනව මේ බදු ගෙවීම ඩිජිටල් කරන්න කියන යෝජනාව. රජයේ දක්ෂ නිලධාරින්ගෙන් මේක කරා නම් මේ රටේ ආදායම නිසි වශයෙන් වැඩි වෙනවා. රටේ ආර්ථිකය ඉදිරියට යන්න පුළුවන් නවීකරණය මගින් තමයි. තාක්ෂණය මගින් දුෂණය නැති වෙනවා. මම හිතන්නේ මේ දේවල් තමයි කරන්න ඕනෙ. මේ ආණ්ඩුවෙ අයවැය දැන් ඉදිරිපත් කරයි ජනතාවගේ ආදායම් ඉදිරියට ගෙනියන අයවැයක් හදයි කියල බලාපොරොත්තු වෙනවා. තරුණ තරුණියො එකතු කරල අපි ව්‍යසායකයෝ හදන්න ඕනෙ. ආර්ථිකය ප්‍රසාරණය තුළින් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්.” යනුවෙන් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...