අඩු ප්‍රතිශක්තිකරණය හා වයස්ගත ජනගහනය හේතුවෙන් ජපානයේ කොවිඩ් මරණ ඉහළට

Date:

හාවඩ් විශ්වවිද්‍යාලයේ පසුගියදා එළිදක්වන ලද Our World in Data කොවිඩ් දත්ත සමුදායට අනුව 2023 වසරේ ජනවාරි 20 වන දිනවන විට ජපානයේ කොවිඩ් මරණ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අභිබවා ගොස් ඇති බව වාර්තා වේ.

මේ සඳහා ජපානයේ Covid-19 ට එරෙහි අඩු ප්‍රතිශක්තිය සහ දුර්වල වයෝවෘද්ධ ජනගහනය මේ වෙනුවෙන් හේතු වී ඇති බව බව විශේෂඥයෝ පවසති. ජපානය ලෝකයේ පැරණිතම සමාජය වන අතර, එහි වැඩිහිටි ජනගහනය 1950 සිට වැඩිවෙමින් පවතියි.

ජපානය 2020 සිට පසුගිය වසරේ ජුනි මැද දක්වා විදේශ අමුත්තන් සඳහා බොහෝ දුරට වසා දමා තිබිණි. ඉන් අනතුරුව ඉතා ‌සෙමෙන් ජපානය විදේශිකයන්ට විවෘත වූ අතර එහි සියලුම පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය විය. කෙසේ නමුත් සීමාවන් ලිහිල් වීම හේතුවෙන් ආසාදන වැඩිවීමට හේතු විය හැකි බව ප්‍රාදේශීය සෞඛ්‍ය විශේෂඥයින් පවසා තිබේ.

ජපානයේ ප්‍රමුඛ පෙළේ වෛරස් විද්‍යාඥයෙකු වන Hitoshi Oshitani මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ප්‍රතිශක්තිය හීන වීම හා Omicronහි උප ප්‍රභේදමතුවීමත් හේතුවෙන් ආසාදන වැලැක්වීම වඩාත් අපහසු වෙමින් පවතින බවයි.

Omicron ප්‍රභේදයන් මතුවීමට පෙර Covid මරණ බොහෝ දුරට ටෝකියෝ සහ ඔසාකා වැනි නගරවල සිදු වූ නමුත් මේ වන විට එය රටපුරා ව්‍යාප්තව ඇති බව බෝවන රෝග නිරීක්ෂණ සහ ප්‍රතිචාරය පිළිබඳ WHO හි වරක් කලාපීය උපදේශකයෙකු වූ වෛද්‍ය ඔෂිතානි මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ටෝකියෝ ප්‍රතිපත්ති පර්යේෂණ පදනමේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ කෙන්ජි ෂිබුයා පවසා තිබුණේ සාත්තු නිවාසවල හෝ ප්‍රජා පොකුරුවල ආසාදනයට ලක්වන වැඩිහිටි පුද්ගලයින්ට ඉක්මන් ප්‍රතිකාර නොලැබෙන බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (අගෝස්තු 03) දිනයේදී දිවයිනේ බොහෝ...

මහලොකු විශ්වවිද්‍යාල ආචාර්යවරු ළඟ තියෙනවද හදපු පැකේජ් එකක් ? – ඇමති ලාල් වි.වි. ආචාර්යවරුන්ට සැරටම අමතයි !

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ගමේ මරණාධාර සමිතියේ පවා බලය අල්ලන්න පැලවත්තෙන් ආඥාවක් නිකුත් කරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්...