ගෙවුණු 20/20 ලෝක කුසලාන ක්‍රිකට් කරගයේ අවසාන තරගයට එන්නේ කවුද?එක් අවසන් පූර්ව තරගයක් පැවත්වෙන්නේ නවසීලන්තය සහ එංගලන්තය අතර.තරගයේ ජය දෙපසට දෝලනය වෙමින් තිබෙන මොහොතක පන්දු යවමින් සිටින්නේ එංගලන්තයේ අදිල් රශීඩ්.ජේම්ස් නීශම් පන්දුවට එල්ල කළ පහර පන්දු යවන ක්‍රීඩකයාට රැක ගන්න නොහැකිවන්නේ පන්දු යවන අන්තයේ සිටි පිතිකරු ඩැරිල් මිචෙල් හරස්වීම නිසා.ඒ ජයග්‍රහණයට ලකුණත් වැදගත් මොහොතක්.එහෙත් ජිවිතයේ ගුණ යහපත්කම් පරාජය තරන්නට අකමැතිවන ඩැරිල් පෙනෙන්නට තිබෙන පහසු ලකුණ කරා එන්න හදපු ජේම්ස් නීශම්ව නවත්තනවා.හැබැයි ඒ සත්ක්‍රියාවේ මතකය මිනිස්සුගෙ හිත්වල තවමත් නොනැසි තියෙනවා.ඒ නිසාම මෙවර අයිසීසී සම්මාන ප්‍රදානෝත්සවයේ ක්‍රීඩාවේ ජීව ගුණය රැකි ක්‍රීඩකයා බවට ඩැරිල් මිචෙල් සම්මානනීය වෙනවා.
ඩැරිල්ගේ පුංචිම කාලෙ ඉදලා ගෙවිලා තියෙන්නෙ ක්‍රීඩාව එක්ක. ඔහු ජිවිතයේ පුංචිම කාලෙ තමයි ලෝඩ්ස් ක්‍රීඩාංගණය දකින්නෙ.ඒ අවුරුදු පහේදී විතර.රගර් පුහුණුකරුවෙක් වන ඩැරිල්ගෙ තාත්තා තමයි ඔහුව ලේඩ්ස් එකට අරගෙන යන්නෙ.ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවොලක් බඳු ලෝඩ්ස් ගැන තාත්තා බොහොම ඉහළින් වර්ණනා කරාටදැන් ඒවා වචනයක් ගානෙ ඩැරිල්ට මතක නැහැ.
ලෝකය හොල්ලන් ඉන්න නවසීලන්ත රගර් කණ්ඩායමට නැත්නම් ඕල්ඩ් බ්ලැක්ස් කණ්ඩායමට ක්‍රීඩා කරපු ඩැරිල්ගෙ තාත්තා ජෝන් මිචෙල් නවසීලන්ත ජාතික කණ්ඩායම පුහුණු කරලත් තියෙනවා.වර්ථමානයේ ඔහු එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරනවා.ක්‍රීඩකයෙක් විදිහට වගේම පුහුණුකරුවෙක් විදිහටත් ලෝකය පුරා ඇවිදින ජෝන් එක්ක ගමනෙ යෙදෙන මිචෙල් පවුලෙ ඩැරිල්ගේ ක්‍රිකට් හැකියාවට ඔහු ඕස්ට්‍රේලියාවේ සිටි සමයක ජස්ටින් ලැන්ගර් යටතෙ ලැබුණු ක්‍රිකට් අභ්‍යාස ඩැරිල්ගෙ ක්‍රිකට් ජීවිතය වඩාත් ශක්තිමත් වෙන්න බලපාලා තියෙනවා.
ඒත් අවුරුදු පහේදී දැකපු ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙ ඩැරිල්ට ක්‍රීඩා කරන්න ඔහුට අවුරුදු 29 ක් වෙනකම් බලා ඉන්න වෙනවා.ඔහු ජාතික කණ්ඩායමට එන්නෙත් අවුරුදු 29 දි.සමහර විට පමාවට බලපාන්න ඇත්තෙ පවුලේ සංචාරක ජීවීතය වෙන්නත් පුළුවන්.හැබැයි ඔහු එයින් ජීවීතයට එකතු කරගත්තු දේ අතර දක්ෂ පුහුණුකරුවෙක් වෙන්න ජෝන් මිචෙල්නම් සිය පියාගෙ ඇසුරේ ලැබුණු ක්රීඩාශිලීත්වයත් තදින්ම පිරිලා ඇති.
මේ වන විට අයිසීසිය ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් ඔහුට පිරිනැමුව සම්මානය ගැන ලෝකයම කතා කරනවා.ඒක අගය කරනවා.ඒ ක්‍රියාව ඔහු අතින් සිදුවෙන්නෙ ක්ෂණිකව.තත්පර දශම ගණනකදි ඔහු ඒ තීරණය ගන්නෙ ඔහු අවුරුදු 30 ක් ජීවිතයෙ එකතු කරගත්තු හොඳ යහපත් මානව ගුණාංග එක්ක.හොඳ මනුස්සෙක් විදිහට සම්පූර්ණ වෙච්චි ජීවිතයෙ තත්පර දශම ගාණක් අපි දකින්නෙ.හැබැයි ඒ ඇසිල්ල කොයිතරම් වටිනවද කියන එක මේ වන විට ලෝකය පුරා ඔහුට හිමිවන ඇගයීම් සහ ප්‍රශංසාවලින් පැහැදිළි වෙනවා.
මේ සමඟ තියෙන්නෙ ඔහු සම්මානනිය වූ ක්රීඩාශිලී හැසිරීමද පාදක කරගෙන අයිසීසිය විසින් ප්රිසිද්ධ කරපු පෝස්ටරය.ලෝකයක් වටින මනුස්සෙක් වෙන්න ඇසිල්ලක කාලය ඇති.හැබැයි සමස්ත ජීවිතය වටිනාකම්වලින් පුරවගෙන හිටියොත් විතරයි ඒ ඇසිල්ල උදාවෙන්නෙ.
RM