මැදමුලනේ තේ කඩයක් කරනවා වගේ රටක් පාලනය කරන්න බැහැ – මරික්කාර් (VIDEO)

Date:

මැදමුලනේ තේ කඩයක් කරන ආකාරයෙන් හෝ පිරමිඩ් ව්‍යාපාරයක් කරන ආකරයෙන් හෝ පිටකොටුව පේමන්ට් එකේ ව්‍යාපාරයක් කරන ආකාරයෙන් රටක් පාලනය කළ නොහැකි අතර එය කෙටි කාලීන,මැදි කාලීන සහ දීර්ඝ කාලීන සාකච්ජාවකින් කළ යුත්තක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

ඒ, අද (03) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

රට නන්නත්තාර වීමට ඉඩහැර ඒ මතින් බලයට ඒමේ කිසිදු අරමුණක් නැති හෙයින් රට ගොඩනැගීමට යම් පියවරක් ගන්නේ නම් විපක්ෂය ලෙස එයට සහය දීමට සූදානම් බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

ඉන්ධන ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඊයේ දින ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ලැබීම ගැන ඇතැම් මාධ්‍ය උලුප්පා පළකලද මේවා ජයග්‍රහණ නොවන බවත් එය දුප්පත්කමේ ලක්ෂණ බව හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව දැන් සිදුවන්නේ එදා වේල කෙසේ හෝ සම්පූර්ණ කරගෙන යමක් බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

පවතින තත්ත්වය අනුව සගතයයි,කරුවලයි,බඩගින්නයි,පීඩනයයි සියල්ල මාර්තු වෙන විට ජනතාව කර පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...