*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

තායි – ශ්‍රී ලංකා සබඳතාවේ නව ඇරඹුමක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): මෙරට තුළ නව පරිච්ඡේදයක් අරඹමින්, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ, සංචාරක, ධීවර සහ කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන්ගේ අවධානය යොමු වෙයි.

අද (03) පස්වරුවේ ,76 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින් මහතා (Srettha Thavisin) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා මිත්‍රශීලී ලෙස පිළිගනු ලැබූ අතර, ආචාර වෙඩි මුර 19ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

දෙරටේ දූත පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව නායක දෙපළ සුහද කථා බහකට එක් වූ අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ථෙරවාදී බෞද්ධ සබඳතා සහ ශක්තිමත් සංස්කෘතික සබඳතා මත පදනම් වූ දෙරට අතර සමීප සහ ඓතිහාසික මිත්‍රත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සිහිපත් කළේය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1955 වසරේදී ආරම්භ වුවත්, දෙරට අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සබඳතා කල්පවත්නා ස්ථීරසාර සබඳතා බවට පරිවර්තනය කර ගැනීම තම අරමුණ බවද කියා සිටි අතර, අග්නිදිග ආසියාව සමඟ සබඳතා පුළුල් කර ගැනීමේ සහ කලාපය තුළ ශක්තිමත් ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර ගැනීමේ ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළකළේය.

ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) එහි සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියාන් කලාපය තුළ සිය අපනයන වෙළෙඳපොළ ශක්තිමත් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බවත් ආසියාන් කලාපයේ ප්‍රධාන ආයෝජන සඳහා ද ශ්‍රී ලංකාව තුළ පුළුල් ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වී තිබෙන බවත් පෙන්වා දුන්නේය. කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට අයදුම්කර ඇති බවත්, එම කටයුතුවලදී තායිලන්තයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

වෙළෙඳ සහ අයෝජන අවස්ථාවලට අදාළව මෙතෙක් දෙරට අතර අවධානය යොමු නොවූ නව ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී හෝටල් සඳහා තායිලන්ත ආයෝජන වෙනුවෙන් තිබෙන අවස්ථා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ ද (SOEs) පෞද්ගලික ආයෝජන සිදු කිරීමට තායිලන්තයට පවතින හැකියාව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.තායිලන්තයේ ඉස්ත්මස් ඔෆ් ක්‍රා (Isthmus of Kra) ප්‍රදේශය හරහා යෝජිත ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම නායකයන් දෙපළ අවධාරණය කර සිටියේය.

විශේෂයෙන්ම තායිලන්ත ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (TICA) හරහා තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන තාක්ෂණික සහාය පිළිබඳව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇසුරුම්කරණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා සහාය දැක්වීම වැනි සහයෝගීතා ක්ෂේත්‍රයන් පිළිබඳව ද අවධානය යොමු කළේය. තායිලන්තය විසින් අතීතයේ දී මෙරටට තෑගි කරන ලද අලි ඇතුන් පිළිබඳව ද කෘතවේදීව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අලි ඇතුන්ගේ සුරක්ෂිතභාවය සහ සුභසාධනය පිළිබඳව රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බවද කියා සිටියේය.

ආයෝජන, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන් දෙපළ සාකච්ඡා කළ අතර ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ දී දෙරට අතර සහයෝගීතා වැඩපිළිවෙළක අවශ්‍යතාවය නායකයින් දෙපළ අවධාරණය කළහ. ඒ වෙනුවෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

බෞද්ධ ආගමික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා රහිතව දෙරට අතර ගමන් කිරීමට අවස්ථාව සැලසීමේ වැඩසටහනක් පිළිබඳව ද සාකච්ඡා කළහ.බිම්ස්ටෙක් (BIMSTEC), ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA), ආසියානු සහයෝගීතා කතිකාව (ACD) සහ ආසියාන් කලාපීය සංසදය (ASEAN) වැනි කලාපීය සංසදවල (ARF) සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.මියන්මාරයේ මිනිස් ජාවාරම හේතුවෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තායිලන්ත රජයේ සහාය ඉල්ලා සිටියේය.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයචායි (Phumtham Wechayachai), විදේශ කටයුතු අමාත්‍ය ජක්කපොන්ග් සන්ග්මනී (Jakkapong Sangmanee), ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝර්න් (Paitoon Mahapannaporn) යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan