ආගමික සිද්ධස්ථාන හරහා දහම් දැනුම මෙන්ම තොරතුරු තාක්ෂණ දැනුමත් ප්‍රචලිත කළ යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනාගත පරම්පරාව, තාරුණ්‍ය ගමේ නගරයේ පන්සල් විහාරස්ථන හා ආගමික සිද්ධස්ථාන සමග බද්ධ කර දහම් අධ්‍යාපනයත් සුහුරු රටක් නිර්මාණය සඳහා අවශ්‍ය සුහුරු තාරුණයක් නිර්මාණය කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන තොරතුරු තාක්ෂණ දැනුමත් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගමේ නගරයේ දහම් සුවඳ, දහම් පණිවිඩය, බුදුරදුන්ගේ උතුම් ප්‍රතිපත්ති ඇසුරින් යුක්තගරුක පරපුරක් නිර්මාණය කරනවා සේම සුහුරු තාරුණයක් නිර්මාණය කර තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් ලොව දිනන නව තාක්ෂණය දරුවන්ට ලබා දීම අපගේ යුතුකම බවත් මේ වන විට ලෝකයේ නව තාක්ෂණය ප්‍රචලිත වන බවත් සමහර රටවල් නව තාක්ෂණය හරහා විශාල දියුණුවක් ලබන මොහොතක අප ද ඒ ප්‍රතිලාභ ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

AI තාක්ෂණය රටක ජාතික ආරක්ෂාවට අතිශය වැදගත් බවත් ජාතික ආරක්ෂාවට අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තයත් අයත් වන බවත් ගොවිතැන පවා මේ නව තාක්ෂණය සමග බද්ධ කර භූමියෙන් ලබන ඵලදායිත්වය වර්ධනය කළ හැකි බවත් එම නිසා අප ද මේ නව තාක්ෂණය යොදාගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පසුගියදා කුලියාපිටිය ඇන්නරුව විහාරස්ථානයේ පැවති ගිරිභාණ්ඩ පූජා කිරීමේ ආගමික උත්සවයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : නව ජනාධිපති නීතිඥවරුන්...

මහා ජන හඬේ සූදානම!(PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...