සොල්දාදු උන්නැහේගේ ඇසින් නිදහස සමරමු !

Date:

1974 සාහිත්‍ය සම්මාන දිනූ එච් ඒ සෙනවිරත්නයන්ගේ “එක්තරා ප්‍රේම කථාවක්” නැමති කෙටි කථා පොතේ “පරණ සොල්දාදුවා” නැමැති කථාව ඇසුරින් ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිවු ජයසිරි එක්ව තිර රචනාකොට පතිරාජයන්ගේ අධ්‍යක්ෂනයෙන් නිපදවූ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටයේ තිර පිටපතින් අත්කුරින් ලියා පිටපත් කරගත් පිටපතක් මා සතුව තිබේ.

මතු දැක්වෙන්නේ ඉන් අතරින් පතර තෝරා ගත් දෙබස් ඛණ්ඩ කිහිපයකි.

විලී: නිදහස මොකද්ද ඕයි නිදහස… ඒක ගැන කථා කරනවා…බම්බුව…අවුරුද්දක් අවුරුද්දක් ගානෙ යුද්ධ ටැංකි වටකරගෙන නිදහස පෙන්නනවා.

සොල්දාදුවා: හිනාවෙයල්ල. උඹලට හිනාවෙන්න මොන පුන්ඩයක්ද යකෝ ඉතිරිවෙලා තියෙන්නෙ. අරෙහෙ ඇමරිකන් කාරයො ලෝකෙන් භාගයක් අල්ලගෙන. මෙහෙං.. අර.. යනව… හෙලිකොප්ටර් උඩිං යනව. මම යුද්ධ කරලයි ආවෙ. මම දැක්ක විනාශවෙනවා.

පේමක්කා: මොකද විලී මහත්තයා අද තවමත් බුදි.

විලී: අද බාර්වල කවුරුවත් නෑ. නිදහසනෙ…බම්බුව..

සොල්දාදුවා: විලී මහත්තය කිව්ව නේද ඇමරිකන් කාරයො අපට හෙලිකොප්ටර් තෑගි දීල කියල.

විලී: අපට නෙවෙයි මිනිහො.. ආණ්ඩුවට.

සොල්දාදුවා: ආණ්ඩුව කියන්නෙ අපි තමයි

විලී: ඔහේ පරමාධිපත්‍යය පටළවාගෙන. අණ්ඩුව කියන්නෙ අපි නෙවෙයි. පරමාධිපත්‍යය කියන්නෙ මොකක්ද කියල තමුසෙ දන්නවද ?

සොල්දාදුවා: මොකක් ගැන…මොකක් ?

විලී: පරමාධිපත්‍යය ..පරමාධිපත්‍යය…
ආයුධ බලය තියෙන ආයුධ පාවිච්චි කරන මිනිස්සුන්ගෙ පැත්තෙ තමයි පරමාධිපත්‍යය තියෙන්නෙ
(හඩ /පේමක්කාගේ සිනහව)

සොල්දාදුවා: ඇයි උඹ හිනාවෙන්නෙ? පරමාධිපත්‍යය දන්නෙ නැද්ද?

පේමක්කා: මට නම් හිතෙන්නෙ ඒක මංවත් දන්නෙ නැති අලි කුණුහබ්බයක් වෙන්න ඇති.

පෙබරවාරි 4 වනදා නිදහස සමරන අපිට ඒ ගැන යළි යළිත් සිතා බලන්න මේ දබස් ඛණ්ඩ ප්‍රමාණවත්.

(ජගත් ද සිල්වාගේ ෆේස්බුක් පිටුවෙන්.)

SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...