අපි මේ සමරන්නේ කාගේ නිදහසද? අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රශ්න කරති

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): “දේශපාලන හා ආර්ථිකමය වශයෙන් රට පහළට වැටී ඇති බවත්, පීඩාකාරි පාලන පැලැන්තියෙන් රට මුදාගත යුතු බවත්, නිවැරදි නායකයෙක් රටට පත්කරගත යුතු යැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේද පැවසීය,

“දේශපාලන හා ආර්ථිකමය වශයෙන් රට පහළට වැටිලා. නායකයින්ගෙන් අසන්නේ සමරන්නේ කාගේ නිදහසද? පාලකයන්ගේ නිදහසද? ජනතාවගේ නිදහසද? පිටරට නියෝජිතයින් ගෙන්වා, රටේ ප්‍රභූවරුන් ඉදිරියේ බඩගින්නේ සිටින ජනතාව හෑල්ලු කිරීම නිදහසද? සුන්දර අපේ මව්බිම අවාසනාවන්තයි. පීඩාකාරි පාලන පැලැන්තියෙන් රට මුදාගත යුතුයි. නිවැරදි නායකයෙක් රටට පත්කරගත යුතුයි”

නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමියෝ එම අදහස් පළ කළහ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...