තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ වාහන දෙකක් ගැටීමෙන් 07ක් රෝහලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): හුංගම පොලිස් වසමට අයත්, තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ කිවුල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්හා වේ.

අද පෙරවරු 11ට පමණ මෙම අනතුර සිදුව ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුන් පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් හා හුංගම දෙණිය ප්‍රදේශයේ පිරිසක් ගමන්ගත් වෑන් රථයක් බවද වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සිටි 05 දෙනෙකු හා වෑන් රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා තංගල්ල ,අඟුණුකොළපලැස්ස හා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙන අතර, අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිස් ස්ථානයේ රථවාහන අංශය විසින් පරීක්ෂණ පවත්වන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...