මාස 15ක යුද්ධය ගාසාව බිමටම සමතලා කරලා – චන්ද්‍රිකා ජායාරූප නිකුත් වෙයි!

Date:

කොළඹ LNW:මාස 15ක කාලයක් පැවති යුද්ධය විසින් පලස්තීනයේ උතුරු ගාසා තීරය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම යුගයේ දරුණුතම මානුෂීය ඛේදවාචකය ගසාවෙන් ලියැවුණු අතර හමාස්‌ සංවිධානය විසින් මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 46000ට වැඩි පිරිසක් ඝාතනය වුණු බවයි. ඉන් බහුතරය දරුවන් සහ කාන්තාවන්ය.

එක්සත් ජාතීන්ගේ චන්ද්‍රිකා මධ්‍යස්ථානය (UNOSAT) වාර්තා කරන්නේ දෙසැම්බර් මස ආරම්භයේදී ගාසා තීරයේ සියලුම ව්‍යුහයන්ගෙන් 69% ක් විනාශ වී හෝ හානි වී ඇති බවයි.

එමෙන්ම ගාසා තීරයේ මාර්ග ජාලයෙන් 68% ක් හානි වී හෝ විනාශ වී ඇති බව ද එමඟින් පෙන්වා දී ඇත.

සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ එහි සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ගාසා තීරයේ රෝහල්වලින් අඩක් වසා දමා ඇති බවත්, අනෙක් ඒවා අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන බවත්ය.එයින් අදහස් කරන්නේ තවමත් විවෘතව ඇති රෝහල්වලින් බොහොමයකට නිදන්ගත රෝග සහ සංකීර්ණ තුවාල ප්‍රතිකාර කිරීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව යුද්ධය විසින් ගාසා තීරය දරුණුතම මානුෂීය ඛේදවාචකයකට ඇද දමා තිබෙන අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ගාසා තීරය හැර ගිය ලක්ෂ තුනකට වැඩි පලස්තීනුවන් නැවත සිය බිමට පැමිණීමද විශේෂත්වයකි.

එහෙත් එම භූමිය තවමත් එකම සුන්බුන් ගොඩක් මෙන්ම තැන තැන වල දැමූ බෝම්බ වලින්ද මිදී නැති බවයිද පලස්තීන වාර්තා පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...