මාස 15ක යුද්ධය ගාසාව බිමටම සමතලා කරලා – චන්ද්‍රිකා ජායාරූප නිකුත් වෙයි!

Date:

කොළඹ LNW:මාස 15ක කාලයක් පැවති යුද්ධය විසින් පලස්තීනයේ උතුරු ගාසා තීරය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම යුගයේ දරුණුතම මානුෂීය ඛේදවාචකය ගසාවෙන් ලියැවුණු අතර හමාස්‌ සංවිධානය විසින් මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 46000ට වැඩි පිරිසක් ඝාතනය වුණු බවයි. ඉන් බහුතරය දරුවන් සහ කාන්තාවන්ය.

එක්සත් ජාතීන්ගේ චන්ද්‍රිකා මධ්‍යස්ථානය (UNOSAT) වාර්තා කරන්නේ දෙසැම්බර් මස ආරම්භයේදී ගාසා තීරයේ සියලුම ව්‍යුහයන්ගෙන් 69% ක් විනාශ වී හෝ හානි වී ඇති බවයි.

එමෙන්ම ගාසා තීරයේ මාර්ග ජාලයෙන් 68% ක් හානි වී හෝ විනාශ වී ඇති බව ද එමඟින් පෙන්වා දී ඇත.

සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ එහි සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ගාසා තීරයේ රෝහල්වලින් අඩක් වසා දමා ඇති බවත්, අනෙක් ඒවා අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන බවත්ය.එයින් අදහස් කරන්නේ තවමත් විවෘතව ඇති රෝහල්වලින් බොහොමයකට නිදන්ගත රෝග සහ සංකීර්ණ තුවාල ප්‍රතිකාර කිරීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව යුද්ධය විසින් ගාසා තීරය දරුණුතම මානුෂීය ඛේදවාචකයකට ඇද දමා තිබෙන අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ගාසා තීරය හැර ගිය ලක්ෂ තුනකට වැඩි පලස්තීනුවන් නැවත සිය බිමට පැමිණීමද විශේෂත්වයකි.

එහෙත් එම භූමිය තවමත් එකම සුන්බුන් ගොඩක් මෙන්ම තැන තැන වල දැමූ බෝම්බ වලින්ද මිදී නැති බවයිද පලස්තීන වාර්තා පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...