*
Wednesday, February 5, 2025
spot_img

Latest Posts

ගම්මන්පිලට පුදුම කැක්කුමක්නේ හැදිලා තියෙන්නේ.CID විමර්ශන නිමවෙනතුරු ඉවසන්න!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් කරන ලද හෙළිදරව්වට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන නිමවෙනතුරු උදය ගම්මන්පිල මහතාට ඉවසීමෙන් සිටින ලෙස කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කළේය.

ගමම්න්පිල මහතා දේශපාලකයෙක් මිස විමර්ශකයෙක් නොවන හෙයින් ඔහුට ඇත්තේ දේශපාලනය කරගෙන සිටීම බවයි පියතුමා සඳහන් කළේ.

මේ අතර ඉමාම් කමිටු වාර්තාව පිළිගත නොහැකි හෙයින් දැනට සිදුවන විමර්ශනවලට කිසිවෙකු හෝ බාධා නොකළ යුතු බවද සිරිල් ගාමිණි පියතුමා කියාසිටියේය.

”ගම්මන්පිල මහත්තයට අපි කියන්නේ එයා දේශපාලඥයෙක්නේ දේශපාලනය කරගෙන ඉන්න. එහෙම නැතුව කරගෙන යන විමර්ශනවල එයා විශේෂඥක් නෙවෙයිනේ. අනිත් කාරණය තමයි දැන් මේ වින්දිතයින්ට නැති මහා ලොකු කැක්කුමක්,ඇම්මක් හැදිලා තියෙනවා මීට ඉස්සෙල්ලත් ඒක අපි දැක්කා ගම්මන්පිල මහත්මයාගේ ප්‍රකාශ වලින්.ඔහුට ලොකු කැක්කුමක් හැදිලා තියෙනවා. ඔහු උපකල්පනය කරමින් ඉන්නවා. සිදුවිය යුත්තේ කාව ගෙන්වල හරි මේ පරීක්ෂණය කරන එකනේ. ඉමාම් කමිටුවේ අපි දැක්ක හැටියට ඒ වාර්තාවේ තියෙන්නේ පිල්ලෙයාන්ගේ සහ සුරේෂ් සලේගේ සාක්ෂි සටහන් විතරයි. ඒකට මූලික වුණ,අදාළ වෙච්ච අසාද් මවුලානාගේ කිසිම සාක්ෂි විමසීමක් සිද්ධ වෙලාම නැහැ. හරි නම් ඉමාම් කමිටුව කරන්න තිබ්බේ ඉස්සෙල්ලම අසාද් මවුලානාගෙන් මේ ගැන විමසන එක. ඒක කරන්නේ නැතුව වෙනත් පුද්ගලයන්ගෙන් කටඋත්තර සටහන් කරලා තීරණ ගන්න බැහැනේ. ඒ නිසා අපි ඒ වාර්තාව පිළිගන්නේ නැහැ. අපි කියනවා චැනල් 4 නාලිකාවෙන් හෙළිදරව් වෙච්ච කාරණා පිළිබඳව CID එක විමර්ශනය කරනවා නම් ඒක කරන්න ඕනේ. ඒකට ගම්මන්පිල මහත්මයා කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ගම්මන්පිල මහත්මයට කියන්නේ විමර්ශන නිමවෙනතුරු ඉවසීමෙන් ඉන්න. අපි මේ ඉන්නේ.” යනුවෙන් පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

පියතුමන් මෙම අදහස් දක්වා සිටියේ අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ පාස්කු ප්‍රහාරයට අදාළව එහි වරද මෙරට යුද හමුදා බුද්ධි අංශ වෙත වරද පටවමින් හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ සැලැස්මක් පවතින බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan