*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

බන්ධනාගාර රැඳවූවන්ගේ නිෂ්පාදනවලින් රු. ලක්ෂ 146ක මුදලක් උපයයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): පසුගිය 2023 වසරේදී අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවූවන්ගේ නිෂ්පාදනවලින් රු. ලක්ෂ 146ක මුදලක් උපයාගෙන තිබෙන බව සඳහන් වේ.

අනුරාධපුර බන්ධනාගාර රැඳවූවන් එළිමහන් සිරකදවුර තුළ අක්කර 5ක භූමියක වගා කටයුතු සිදුකරන අතර, වී වගාවට අමතරව එළවලු සහ පළතුරු වගාවද සිදු කෙරෙන්නේ රසායනික පොහොර භාවිතයකින් තොරව කාබනික පොහොර පමණක් උපයෝගී කර ගනිමින් වීම විශේෂයකි.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා පවසන්නේ, පළතුරු සහ එළවලු මෙන්ම එළිමහන් සිරකඳවුර තුළ සිදුකරන බේකරි ආහාර නිෂ්පාදන අලෙවියෙන් පසුගිය වසරේදී මෙසේ රුපියල් ලක්ෂ 146ක ආදායමක් ලබා ගෙන ඇති බවයි.

මෙම වැඩපිළිවෙල අඛණ්ඩව සිදුකරගෙන යාමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන බවද සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan