මෝල් කසුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ තලගල සුද්දා පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): රුපියල් ලක්ෂ දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමඟ , අවිස්සාවේල්ල ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයක් සිදුකර ඉන්දියාවට පලාගිය බව කියන මෝල් කසුන් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සාමාජිකයෙකු වන තලගල සුද්දා නමැත්තා පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තලගල සුද්දා නමැත්තා යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පානදුර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුවූ බවත්, ඒ අනුව තලගල සමගි මාවත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු යතුරුපැදිය අතහැර පලායාමට උත්සහ දැරූ බවත් පොලිසිය පවසයි.

අනතුරුව, සැකකරු පසුවස හඹාගිය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත් අතර ඔහු ළග තිබී මත්ද්‍රව්‍යය ද සොයා ගැනුණු බව පැවසේ,

තවද, කළුතර හා අවට ප්‍රදේශවල සැඟව සිට කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලකෑ වයස අවුරුදු 28ක් වන පයාගල මකා නමැත්තා හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණි.

මීට මාස කිහිපයකට පෙර මැටියමුල්ල ප්‍රදේශයේ නතරකර තිබූ යතුරුපැදියක් සොරකම් කර එය යොදා ගනිමින් රන්මාල සොරකම් කිරීමේ ජාවාරම සිදුකර තිබෙන අතර, මෙම පුද්ගලයා පානදුර ප්‍රදේශයේ කාන්තාවකගේ රන්මාලයක් සොරකම් කරන ආකාරය සීසීටීවි කැමරාවක සටහන්ව තිබුණු බවද පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...