මෝල් කසුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ තලගල සුද්දා පොලිස් දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): රුපියල් ලක්ෂ දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමඟ , අවිස්සාවේල්ල ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයක් සිදුකර ඉන්දියාවට පලාගිය බව කියන මෝල් කසුන් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සාමාජිකයෙකු වන තලගල සුද්දා නමැත්තා පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

තලගල සුද්දා නමැත්තා යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පානදුර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුවූ බවත්, ඒ අනුව තලගල සමගි මාවත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු යතුරුපැදිය අතහැර පලායාමට උත්සහ දැරූ බවත් පොලිසිය පවසයි.

අනතුරුව, සැකකරු පසුවස හඹාගිය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත් අතර ඔහු ළග තිබී මත්ද්‍රව්‍යය ද සොයා ගැනුණු බව පැවසේ,

තවද, කළුතර හා අවට ප්‍රදේශවල සැඟව සිට කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලකෑ වයස අවුරුදු 28ක් වන පයාගල මකා නමැත්තා හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණි.

මීට මාස කිහිපයකට පෙර මැටියමුල්ල ප්‍රදේශයේ නතරකර තිබූ යතුරුපැදියක් සොරකම් කර එය යොදා ගනිමින් රන්මාල සොරකම් කිරීමේ ජාවාරම සිදුකර තිබෙන අතර, මෙම පුද්ගලයා පානදුර ප්‍රදේශයේ කාන්තාවකගේ රන්මාලයක් සොරකම් කරන ආකාරය සීසීටීවි කැමරාවක සටහන්ව තිබුණු බවද පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...

වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...