රිෂ්ටමාපකාංග 7.8 හා 7.5ක එකපිට එක ඇතිවූ ප්‍රබල භූ කම්පන දෙකක් හේතුවෙන් අවම වශයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයන් 2,300ක් මිය යයි.

Date:

රිෂ්ටමාපකාංග 7.8 හා 7.5ක එකපිට එක ඇතිවූ ප්‍රබල භූ කම්පන දෙකක් හේතුවෙන් අවම වශයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයන් 2,300ක් පමණ මියගොස් ඇති AFP පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.


ඒ අනුව භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ මියගිය සංඛ්‍යාව 1,498 දක්වා ඉහළ ගොස් ඇති අතර සිරියාවේ පුද්ගලයන් 810 මියගොස් ඇති බව වාර්තා වේ.

දකුණු දෙසින් සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි ගැසියන්ටෙප් නගරය ආසන්නයේ පළමු භූමිකම්පාව රිෂ්ටමාපකාංග 7.8ලෙස තහවුරු වී පැය කිහිපයකට පසු තුර්කියේ කහරමන්මාරස් පළාතට රිෂ්ටමාපකාංග 7.5 අගයකින් යුත් දෙවන භූමිකම්පාවේ ඇති වී තිබේ.

භූමිකම්පාව හේතුවෙන් දකුණු තුර්කියේ ගෑස් නල පිපිරී ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලද තුර්කියේ බලශක්ති අමාත්‍ය Fatih Donmez මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, භූමිකම්පාව හේතුවෙන් ගෑස් නල මාර්ග ඇතුළු රටේ බලශක්ති යටිතල ව්‍යුහයට බරපතල හානියක් සිදුවී ඇති බවයි.

භූමිකම්පාවෙන් මියගිය පිරිස වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තුර්කියට සහ සිරියාවට සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර, තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan වෙත පණිවිඩයක් යවමින් විපතේ බලපෑමෙන් මිදීමට අවශ්‍ය සහය ලබා දීමට රුසියාව සූදානම් බව ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...