*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඉන්දියා යොවුන් ක්‍රීඩකයින්ට කොවිඩ් පරාදයි

මෙවර කොදෙව් දූපත්වල පැවති අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමා වුණේ පස්වන වරටත් එම ලෝක කුසලානයේ උරුමය ඉන්දියාව සතු වෙමින්.ඕස්ට්‍රේලියාව තෙවරක් සහ පකිස්තානය දෙවරක් මේ දක්වා මේ කුසලානය දිනාගෙන ඉන්දියාවට පිටුපසින් සිටිනවා.මෙවර ඒ අතරින් වැදගත් වෙන්නෙ ඉන්දියාව තමන්ගේ ක්‍රිකට් සංස්කෘතියේ ප්‍රබලත්වය කෙතරම්ද යන්න මේ තරගාවලියෙන් ලොවට කියා පින්නට සමත් වූ නිසයි.
ලොවම පීඩාවට පත් කර ඇති කොවිඩ් වසංගතයෙන් මිනී කඳු ගොඩ ගැහුණ රටක් වෙච්චි ඉන්දියාව ඒ තත්ත්වය කළමනාකරණය කරගෙන කොවිඩ් සමඟ රටේ සියල්ල නොවැටී තබාගන්න සමත් වෙනවා.එැවිනි වැඩ පිළිවෙලක් නොතිබුණු නිසා වැටී ඒ බව කියා ජනතාව ඉදිරියේ හඬා වැටෙන පාලකයන් සිටින රටවලට ඔවුන් අද වන විට නැගිටින්න ණය ආධාර පවා දෙනවා.ශ්‍රී ලංකාවත් ඒ ණයට අත දික් කරගෙන ඉන්න රටක්.

ක්‍රිකට් ක්‍රීඩාවත් ඊට අදාළ සංස්කෘතියක් ඇතුළෙ පෝෂණය කරමින් තිබෙනවා.දස්කම් හඳුනාගැනීම,වර්ධනය සහ රැක ගැනීම සහ ඒවා සමඟ ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී හිටීමට අවශ්‍යය කරන පරිසරයට හුරු කිරීමත් ඉන්දියානු ක්‍රිකට් සංස්කෘතියෙ හෙට දවස භාරගන්න ඉන්න පිරිස වෙනුවෙන් නිර්ලෝභිව දායාද කරන්න කටයුතු කරමින් තිබෙනවා.මෙවර අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය අතරතුර ක්‍රීඩකයින් හය දෙනෙක් කොවිඩ් වෛරසයේ ගොදුරු වුණහම ඔවුන් පෙන්නුවා තමන් ක්‍රීඩකයින් 11 ක් යාන්තමට රොක් කරගෙන ඇවිත් ක්‍රිකට් ගහන රටක් නොවන බව.

නායකයා,උප නායකයා ඇතුළු හයක් නැති අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම ඒ අකරතැබ්බයත් සමඟ මුහුණ දුන් පළමු තරගයේදි උගන්ඩාවට එරෙහිව රැස් රපු ලකුණු ප්‍රමාණය 405 ක්.මේ වාර්තාගත ලකුණු පූවරුවට පෙන්නුවෙ ඔවුන්ගේ ක්‍රිකට්වල ප්‍රබලත්වය.මනසින් නොවැටී සිට තරග කළ හැකි අපූරු විශ්වාසය.ක්‍රිකට් සදහා වන ඉන්දීය ක්‍රිකට් සංස්කෘතියේ ප්‍රබලත්වය.

ඒ වගෙම කුමන තත්ත්වයක් යටතේ වුව නොසැලී අභීයෝග භාරගෙන තරග කරන්න පුළුවන් සුවිශේෂ ක්‍රීඩකයො ඉන්නවා.මෙවර තරගාවලියෙ ශ්‍රී ලංකාවට එවැනි අපූරු ක්‍රීඩකයෙක් සොයා ගන්නට ලැබුණා.ඒ නායකත්වය දැරුව දුනිත් වෙල්ලාලගේ.තව කිහිප දෙනෙක් හිටියත් දුනිත් අති විශේෂ කොට සැළකිය හැකියි.

ඉන්දියාව මේ තරගාවලියේ හොයාගන්න ඒ විදිහෙ සම්පත තමයි රාජ් බාවා.රාජ් අන්ගාද් බාවා හිමාචාල් ප්‍රදේශයේ සිර්මොර් දිස්ත්‍රික්කයෙ නාහාන් හී උපත ලැබූවෙක්.ඔහු කණ්ඩායමේ හය දෙනෙක් අහිමිව උගන්ඩාවට එරෙහිව පැවති තරගයේ වාර්තාගත 405 ඉණිමේ වැඩිම ලකණුලාභියා.සාමාන්‍යයෙන් අංක හය වගේ මැදපෙළ පිතිකරු අංකයක් හිමි රාජ් කණ්ඩායම වැටී සිටි තත්ත්වය අනුව එම තරගයේදී අංක හතර දක්වා ඉහළට ඔසවා තැබෙනවා.ඔහු ඒ වගකීමට ප්‍රතිචාර දක්වන්නෙ පන්දු 108 න් හයේ පහර අටක් සහ හකරේ පහර දහ හතරක් සමඟ නොදැවී එකතු කරගත් ලකුණු 162 න්.ඒ වාර්තාගත ජයෙන් ඉනික්බිති රාජ් අවසාන තරගයේදී ද පීඩාව අභිබවා වැඩ කිරීමේ ඔහුට ඇති හැකියාව විඳහා පෙන්වන්නෙ පළමුව පන්දුවෙන්.

අවසාන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සුනු විසුණු කිරීමේ කාර්යයේ වැඩි වැඩ කොටස කරන්නෙ රාජ් බාවා.වමතින් පිත්ත හසුරුවන රාජ් දකුණතින් යොමු කරන මද වේග පන්දුවත් ප්‍රතිවාදීන්ට දරුණු අභියෝගයක්.ඔහු එංගලන්ත ඉණිමේ කඩුලු පහකට වගකීයන්නෙ පන්දු ඕවර් 9.5 ක් තුළ ලකුණු 31 ක් පමණක් ලබා දෙමින්.

මේ නිසා ලකුණු 189 ට සීමා වෙන එංගලන්ත ඉණිමට එරෙහිව කියාත්මක වෙන ඉන්දීය පිළිතුරු ඉණිමේ කඩුලු හතරක් ලකුණු 97 ට අහිමි වුණාම නැවත රාජ් එම පිඩනයෙන් ගොඩ එන්න ඕනි අවශ්‍යයම කරන කඩුලු සබඳතාවය ඇති කරන්න නිශාන්ට් සින්ධු සමඟ එකතු වෙනවා.ඔහුත් වැදගත් චරිතයක්.හය දෙනෙක් කොවිඩ් සමඟ කණ්ඩායමෙන් එළියට වීසි වුණ මොහොතේ කණ්ඩායමේ සුක්කානම භාරවෙන්නෙ සින්ධු ට.ඒ තීරණයේ නිවැරදිකම යළිත් සනාත කරන නිශාන්ට් සින්ධු අපූරු අර්ධ ශතකයක් ලබා ගනිමින් ජයග්‍රාහි ලකුණ වාර්තා වෙනකම්ම නොදැවී ඉන්නවා.ඔහු නොදැවි ලබා ගත් ලකුණු ප්‍රමාණය 50 ක්.ඔහු සමඟ රාජ් ගොඩනඟන සබඳතාවය ලකුණු 67 ක්.පරිස්සමට වෘත්තීයමය මට්ටමකින් ඉක්මණින් ගහලා ගෞරවය ආශ්චර්යයක් කරගන්න කල්පනා නොකරපු රාජ් ඉන්දියාවට ලෝක කුසලානය අවසාන පන්දුවේ හරි හිමිවීමේ වැදගත්කම තේරුම් ගත් සංයමය සහ ශික්ෂණය සහිත එහෙත් හරියට තෝරා ගත්තම ප්‍රහාරයට නොපැකිළුණ ඉණිමක් දියත් කරමින් පන්දු පනස් හතරකින් ලකුණු 35 ක් ලබා දෙනවා.එහි වැදගත්කම ලකුණු ප්‍රමානය එක්ක එකතු වුණු සබඳතාවය නිසා ඉන්දීය ඉණිම පන්දු ඕවර් 43 වෙන විට ඉන්දිය ලකුණු පූවරුව 164 ක් ව තිබුණා.

පන්දු 42 ක් තුළ ලකුණු 26 ක අවශ්‍යයතාවයක් තිබියදී රාජ් භාවාගේ ඉනිම නිම වූ පසුව වඩාත් වගකීමෙන් ආක්‍රමණශිලි ප්‍රහාරයකට පැමිණි නිශාන්ට් සින්ධු ජයග්‍රහණය ආසන්නයට රැගෙන ආ කණ්ඩායම 48 වන පන්දු ඕවරයේ සිව්වැනි පන්දුව යවන්න සූදානම් වන විට සම ලකණු තත්ත්වයේ සිටියා.ජේම්ස් සේල්ස් යොමු කළ එම පන්දුවට මුහුණ දුන ඉන්දිය කඩුලු රකින දිනේෂ් බානා අවසාන තරගයක ජයග්‍රහණය ලැබිය හැකි උත්කෘශ්ඨම ආකාරයක් විඳහා පෙන්වමින් එල්ල කළ අපූරු හයේ පහරකින් ඉන්දීය ලකුණු පූවරුව 195 ක් වුණේ 2022 වසරේ යොවුන් ලෝක සූරතාවයේ උරුමය ඉන්දියාවට උරුම කර දෙමින්.

එහෙත් එංගලන්ත පරාජය බේරා ගැනීමට කඩා වැටුණු එංගලන්ත ඉණිම ගොඩ ගැනීම සඳහා අපූරු සංයමයකින් සහ ශික්ශණයකින් පිත්ත මෙහෙයපු යොවුන් ක්‍රීඩක මේස් රෙව්ගේ ප්‍රශස්ත ඉණිම එංගලන්තයට මතුයම් දිනක ආශිර්වාදයක් වන ක්‍රීඩකයෙක්ගේ පෙරනිමිති පහළ කළා.ලකුණු 18 ට කඩුලු දෙකක්ව තිබියදී පිටියට පිවිසි ජෙම්ස් එංගලන්ත ඉණිමේ ලකුණු 189 න් ලකණු 184 බවට ලකුණු පූවරුව පත් වෙන තුරුම ක්‍රීඩා පිටියේ රැඳෙමින් පන්දු 116 න් ලකුණු 95 ක් වාර්තා කරන්නට සමත් වුණා.

තරගාවලියේ වීරයා හැටියට නම් කළේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 506 ක් ලකුණු එකතුවක් සහිතව සිටි දකුණු අප්‍රිකාවේ ඩෙවාල් බ්‍රෙවිස්.ඔහු තෝරාගත් විශේෂ ඇගයීම් කමිටුවේ ශ්‍රී ලංකාවේ ගෙහැම් ලැබ්රෝයි ද සාමාජිකයෙක් හැටියට කටයුතු කරා.

ශ්‍රී ලංකාවේ වීරයා වූ අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පන්දු යවන්නන්ගේ ලේඛණයේ වැඩිම කඩුලු ලාබියා වෙමින් කඩුලු 17 ක් එකතු කරගෙන තිබුණා.ඔහුගේ පිත්තෙන් ශතකයක් සහ අර්ධ ශතකයක් සහිතව ලකුණු 264 ක් වාර්තා වී තිබුණා.එම ලකුණු එකතුව වැඩිම ලකුණු එකතුව සහිත පිතිකරු නිම ලේඛණයේ හත්වන තැන දුනිත්ව රඳවන්නට සමත්ව තිබීමත් වැදගත්.

ඡායාරූපයේ දැක්වෙන්නේ අවසන් තරගයේ වීරයා වෙමින් ඉන්දියාවට ජයග්‍රහණය ලබා දීමට වැඩිම දායකත්වය ලබා දුන් රාජ් බාවා කඩුල්ලක් ලබා ගැනිමෙන් අනතුරුව යාෂ් ඩූල් සමඟ සතුට බෙදා ගත් අයුරුයි.නායක යාෂ් ද මේ ජයග්‍රහණය සමඟ මොහොමඩ් කායිෆ්ගෙන් පටන්ගත් ඉන්දිය ලෝක කුසලාන ජයග්‍රහණ ලැබූ නායකයන් වූ විරාට් කෝලි,අන්මුක්ට් චාන්ද්,පෘතිව් ෂෝ ගේ ලේඛණයේ ස්ථානයක් හිමි කර ගන්නවා.

ඔහු නායකයෙක් ලෙස ක්‍රියා කළ අකාරය අගයමින් වගකීම දෙඋර මතට ගත හැකි හොඳ මෙහෙයවන්නෙක් බව හැදින්වීමට මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ හරිතිකේශ් කන්තිකාර් පැවසුවා.

කෙසේ හෝ ඉකුත් ලෝක කුසලානය ද ආසන්නයටම පැමිණ ආපසු හැරී අනු සූරතාවයෙන් සෑහෙන්න වූ ඉන්දිය කණ්ඩායමට මේ කුසලානය ඒ නිසා මෙන්ම,ලෝක ව්‍යසනාකාරී වෛරසයද කළ පිඩා අභිබවා ලබා ගන්නටහැකිවිම ගැන තිබුණේ විශාල සතුටක්.සංයමය බිදි යන තරමේ ඒ සතුට භුක්ති විඳින්නට රිචි රිචඩ්සන් අතින් යාෂ් ඩූල් කුසලානය දිනා ගැනිමෙන් ඉනික්බිති එකිනෙකා අතට කුසලානය ලබා ගන්නට පොර කමින් විනෝද වූ ඉන්දීය යෞවනයෝ නිල ඡායාරූපය සඳහා “චැම්පියන්ස්” බැනරය යටට ගෙන ඒමට විශාල උත්සාහයක් දරන්න වුණා.එය ඔවුන් පිටියේදි කිසි විටෙක පෙනෙන්නට නොඳුන් ඔවුන් ඇතුළත තිබූ පීඩනයේ සහ එය මැඩ කුසලානය දිනා ගැනිමේ උවමනාව දකින්නට ලැබුණු එකම අවස්ථාව විම ද පැහැදිළි කරන්නේ ඉන්දීය ක්‍රිකට් සංස්කෘතිය විසින් පෙළ ගස්වනු ලබන වෘත්තීමයභාවය පිලිබඳවයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan