*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මේක ඉතා අසීරු කාලයක්. අපි මේ හැමදේම කරන්නෙ ලේසියෙන් නෙවෙයි අපෙ හාමුදුරුවනේ – නාමල්

රජය දැවැන්ත සංවර්ධනයක් සමගම ජනතා සුබසාධනය ද පවත්වාගෙන යන නමුත් මේ සියල්ල සිදුකරන්නේ ඉතාමත් අසීරුවෙන් යැයි අමතක නොකළ යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“වැඩ ලක්ෂයක් පටන් ගත්තා. ඒ වගේම ජීවන නිපුණතා සංවර්ධනය කරන්න රුපියල් බිලියන 30ක් ඒ මුදල්වලින් අපි වෙන්කරලා තියෙනවා. එතකොට ස්වයංරැකියා වෙන්න පුළුවන්, ආදර්ශ ගොවිපොලක් වෙන්න පුළුවන්, සත්ව පාලනය වෙන්න පුළුවන්, වෙනත් නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, මේවා නිෂ්පාදනය කරලා අලෙවි කරන්න අවශ්‍ය වෙළඳපොලත් දැන් ගමට හෝම්ෂොප් එක විදියට හම්බුවෙනවා. මේ කාරණා එක්ක නැවත වතාවක් ගමේ සංවර්ධනය අපි ආරම්භ කරලා තියෙනවා.

හැබැයි මතක තියාගත යුතු කාරණය තමයි මේ සියල්ලම අපෙ හාමුදුරුවනේ අපි කරන්නෙ ලේසියෙන් නෙවෙයි. මොකද කොවිඩ් 19 වසංගතයත් එක්ක ඉතාමත් අපහසු කාලයක්. ආණ්ඩුවට ආදායම නෑ. ඒ කියන්නෙ ආදායම නැති වුණත් අපි වගකිවයුතු ආණ්ඩුවක් විදියට ජනතාවගේ සුබසිද්ධිය අමතක කෙරුවෙ නෑ. අපි සමෘද්ධිය කැපුවෙ නෑ, රාජ්‍ය සේවකයාගෙ පඩි අඩු කෙරුවේ නෑ, අපි හැකිතාක් දුරට අස්වැන්න මිලදීගන්න ලෑස්ති වෙනවා. දැන් ගොවීන්ට මතයක් තියෙනවා කාබනික පොහොර හින්දා අස්වැන්නෙ අඩුවක් වුණාය කියලා. අගමැතිතුමා කැබිනට් එකේදි කියලා රුපියල් බිලියන 40ක් වෙන්කරලා තියෙනවා ගොවීන්ට අසාධාරණයක් වෙලා තියෙනවා නම්, අස්වැන්න පාඩුවෙලා තියෙනවා නම් වන්දි ගෙවන්න. මේ සියල්ලම අපි කරන්නෙ අමාරුකම් තියෙද්දි. මේ උපාධිධාරීන් 50,000කට වැඩි ප්‍රමාණයක් ස්ථිර වුණා ගිය මාසෙ.

අපි තීන්දු කරලා තියෙනවා හම්බන්තොට කර්මාන්තපුරවල අලුතින් සිමෙන්ති කර්මාන්තශාලාවලට අවසර දෙන්න. එතකොට මිලත් පාලනය වෙනවා, ප්‍රමාණයත් වැඩිවෙනවා. මොකද, සමාගම් දෙකක් නම් මේක හසුරුවන්නෙ, මේ සමාගම් දෙක එකතුවුණාට පස්සෙ මොකද කරන්නෙ ? මිලත් තීරණය කරනවා, ප්‍රමාණයත් තීරණය කරනවා. ඉතින් මේකෙ සිමෙන්ති කර්මාන්තශාලා දෙකක් ඇතුළු තව යකඩ කර්මාන්තශාලා දෙකක් ඇතුළුව කර්මාන්තශාලා 10ක් අපි සිංහල අවුරුද්දට කලින් හම්බන්තොට වරායෙ පටන් ගන්නවා.

මේ සංවර්ධන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මේ අභියෝග කාලසීමාව ජයග්‍රහණය කරගෙන අපි ඉස්සරහට යන්න ඕනෙ. අද විපක්ෂයට වෙලා තියෙන්නෙ ඒ අයට සැලැස්මක් නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති ජනහමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan