විදෙස් මුදල් ජාවාරමට එරෙහි රේගු මෙහෙයුම් තීව්‍ර වෙයි!

Date:

විදෙස් මුදල් දිවයියෙන් පිටතට රැගෙන යාමේ ජාවාරමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරන බවට වාර්තා වේ.

පවතින විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ සිදුවන විදෙස් මුදල් ජාවාරම් පිළිබඳව සෝදිසි කිරීම් තීව්‍ර කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා අවධාරණය කළේය.

ඒ අනුව, විදෙස් මුදල් දිවයිනෙන් පිටතට රැගෙන යන්නන් හා ඒ සමාන ක්‍රමවේදයන් වලින් දිවයිනෙන් පිටතට මුදල් ගලායෑමේ ක්‍රමවේදයන් වලට එරෙහිව රේගු බලධාරීහු දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිති.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ ගතවූ මාස කිහිපය තුළ මෙම විදෙස් මුදල් ජාවාරම උවදුරක් බවට පත්ව ඇති බවයි.

මෙම කාලය තුළ ඉහත චෝදනා මත පුද්ගලයන් 14 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය කටයුතු කර ඇති අතර, මෙසේ අත්අඩංගුවට පත්වූ ඇතැම් පුද්ගලයන් ව්‍යාපාරිකයන් බව ද වාර්තා වේ. ඔවුන් සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ය.

මෙම පුද්ගලයන් ඉකුත් දින 18 ක කාලය තුළ රුපියල් මිලියන 80 ක වටිනාකමක් ඇති ඩොලර් සහ වෙනත් විදෙස් මුදල් ඩුබායි වෙත රැගෙන යාමට තැත්කර ඇති අතර, එය රත්ත්‍රන් ගෙන්වා ගැනීම සඳහා සිදුකළ සංවිධානාත්මක ජාවාරමක ක්‍රියාදාමයක් බවයි සිල්වා මහතා අනාවරණය කළේ.

රුපියල් මිලියන 11 කට වඩා වැඩි වටිනාකමක් සහිත විදෙස් මුදල් දිවයිනෙන් පිටත රැගෙන යාමට තැත්තළ පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත් අඟහරුවාදා දින කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් බවද හෙතෙම සඳහන් කළේය.

තවද ඊයේ (05) උදෑසන යූරෝ මිලියන 46,000 ක මුදලක් ඩුබායි වෙත රැගෙන යාමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබේ.

මීට අමතරව, ඉකුත් ජනවාරි 29 වන දින ඩොලර් 95,000 ක මුදලක්, යූරෝ 18,000 ක මුදලක් හා සවුදි රියාල් 37,000 ක මුදලක් ඩුබායි වෙත රැගෙන යාමට තැත්තළ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය සමත් විය.

මේ හා සමානවම, ඉකුත් ජනවාරි 20 වන දින, රුපියල් මිලියන 42 ක වටිනාකමක් සහිත විදෙස් මුදල් ඩුබායි වෙත රැගෙන යාමට තැත්තළ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. අදාළ සැකකරුවන් සතුව ගමන් මතු තුළ සඟවා ගෙන සිටි ඩොලර් 22,300 ක මුදලක්, යූරෝ 63,500 ක මුදලක්, සවුදි රියාල් 292,000 ක මුදලක්, ස්ටර්ලිං පවුම් 8,725 ක මුදලක් සහ ඩිරාම් 75,000 ක මුදලක් සොයාගෙන තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් 24 වන දින ද රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුතු ඩොලර්, යූරෝ සහ ස්ටර්ලිං පවුම් ආදී විදෙස් මුදල් තොගයක් දිවයිනෙන් පිටතට රැගෙන යාමට තැත්කළ පුද්ගලයන් සත් දෙනෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

ඉකුත් නොවැම්බර් 23 වන දින රුපියල් මිලියන 14 කට අධික වටිනාකමකින් යුතු විදෙස් මුදල් ඩුබායි වෙත රැගෙන යාමට තැත්කළ ව්‍යාපාරිකයකු ද මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු සතුව ගමන් මල්ලක් තුළ සඟවා තිබූ ශ්‍රී ලංකා මුදල් ඒකක වලින් රුපියල් මිලියන 10 ක් ද, ඩොලර් 25,000 ක මුදලක් ද සොයාගෙන තිබේ.

මේ අතර, නිමි ඇඳුම් සහ තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය කරන මුවාවෙන් රුපියල් මිලියන 300ක වටිනාකමකින් යුතු ඩොලර් මිලියන 1.2ක මුදලක් විදේශගත කිරීමේ හා විදෙස් සමාගම්වල ඉන්වොයිසි දේශීය බැංකුවලට ඉදිරිපත් කර චීනය, හොංකොං සහ ඩුබායි හරහා ඇතැම් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ. කෙසේවෙතත්, ඔවුන් ඇණවුම් කළ භාණ්ඩ දිවයිනට පැමිණ නැති බව ද විමර්ශන අනාවරණය කර ගෙන තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...