ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් අධිකරණයට!

කොළඹ LNW: සිරදඬුවමට යටත් වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබේ.

ඥානසාර හිමියන් ගිහිඇඳුමින් සැරසී අධිකරණයට රැගෙන විත් තිබෙන අතර කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඥානසාර හිමියන් එලෙස අධිකරණයට රැගෙනවිත් ඇත.

මේ වන විට මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයකට යොමුව තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබුණු අතර ඒ වෙනුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් තිබුණි.

අනතුරුව පසුගිය (05) දිනයේදී උන්වහන්සේව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දිනයේදී යළි අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලදුව උන්වහන්සේගේ දඬුවම ක්‍රියාත්මක කාන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් වෙත නියෝග කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම : FCID ස්ථානාධිපතිට නොතීසි

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්...

ඔකිනාවා ඛේදවාචකය: ඇමෙරිකානු මැරීන් භටයාගේ අත්අඩංගුවට පත්වීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ජපානයේ ඔකිනාවා හි...