අධික හිම පතනයෙන් සිරියාවේ කඳවුරුවල තත්ත්වය තවත් පීඩාවට

Date:

වයඹ දිග සිරියාවේ අවතැන් වූවන් සඳහා වූ කඳවුරුවලට දැඩි හිම සහ ශීතල කාලගුණික තත්වය හේතුවෙන් බිළිඳුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

දින හතක් සහ මාස දෙකක් වයසැති දැරියන් ඉඩ්ලිබ් පළාතේදී මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු ජාත්‍යන්තර පුවත් සේවයට පවසා ඇත.

රටේ දශකයක් පුරා පැවති සිවිල් යුද්ධයේදී තම නිවෙස් අතහැර පලා ගිය මිලියන 2.8 ක ජනතාවක් විරුද්ධවාදීන් සතුව පවතින බලකොටුවේ නවාතැන් පතා පැමිණ ඇත.

බොහෝ දෙනෙක් උණුසුම් ඇඳුම් සහ උණුසුම් කර ගැනීම සඳහා අවශ්‍ය අමද්‍රව්‍ය නොමැතිව කූඩාරම්වල ජීවත් වෙති.

සිරියාවේ දැඩි ආර්ථික පසුබෑමක් හේතුවෙන් වසරක් තුළ ආහාර ද්‍රව්‍ය මිල දෙගුණයක් වීම මෙන්ම ශීත සෘතු ආධාර සැපයීමට අරමුදල් හිඟවීම සහ අවශ්‍යතා වැඩි වීම හේතුවෙන් තත්වය වඩාත් නරක අතට හැරෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.

පසුගිය අඟහරුවාදා වාර්තා වූ බිළිඳුන් ඉඩ්ලිබ් නගරයට උතුරින් පිහිටි අල්-සියාරා සහ අල්-ෂෙයික් බහර් ප්‍රදේශවල කඳවුරුවල රැඳී සිට ඇත.

ප්‍රදේශයේ හිම නිසා ඔවුන්ගේ කූඩාරමේ වහලය කඩා වැටීමෙන් තවත් දරුවෙකු මිය ගොස් ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ජනවාරි 18, 19 සහ 25 යන දිනවල සිරියාවේ එම කලාපයට බල පෑ කුණාටු හේතුවෙන් ඉඩ්ලිබ් සහ ඇලෙප්පෝ හි අවතැන් වූවන් රැඳි සිටින කඳවුරු 287 ක් හිම පතනය, ගංවතුර සහ තද සුළං හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

හිම නිසා අවම වශයෙන් කූඩාරම් 935 ක් විනාශ වී ඇති අතර තවත් 9,500 කට වඩා හානි වී ඇත. වසර ආරම්භයේ සිට කඳවුරුවල ගිනි ගැනීම් වාර්තා 68ක් ද සිදුව ඇති අතර, එයින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

බොහෝ විට මෙම ගිනිදැල් ඇති ව තිබුණේ උදුන රත් කිරීමට ගත් උත්සහායක් නිසාවෙනි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...