*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

චම්පිකත් ජනපති සටනට?

කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ශක්තිමත් පදනමක් මත ඉදිරිපත් කළ යුතු බව පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කරයි.

ආර්ථික, සමාජ, දේශපාලන ආදී අර්බුද රැසක් මත රට ගිලන් ව තිබෙන මොහොතක සමාජය ද ගැටලු රැසකට ලක්ව ඇතැයි ලක්තිලක මහතා පෙන්වා දෙයි.

ඒවායෙන් සමාජය මුදා ගැනීමේ ශක්තිමත් සහ ස්ථාවර නායකත්වය සැපයිය හැකි දේශපාලනඥයා පාඨලී චම්පික රණවක මහතා බවයි ලක්තිලක මහතා අවධාරණය කරන්නේ.

ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට පසුබිම සැකසෙන අතර පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යුතු බවට ජනතා මතයක් ද, ඉල්ලීම් ද ඇතැයි නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අවධාරණය කරයි.

වත්මන් ජනාධිපති, විපක්ෂනායක සහ අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපතිධුරයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වනු ඇතැයි මත පළව තිබෙන මොහොතක එවැනි වටපිටාවක පාඨලී චම්පික රණවක මහතා ස්ථානගත කරන්නේ කෙසේදැයි ගැටලුවක් මතුවන නමුත් ශිරාල් ලක්තිලක මහතා කියාසිටින්නේ එක්සත් ජනරජ පෙරමුණේ නායකයා ජනාධිපතිවරණයට ශක්තිමත් පසුබිමක් යටතේ ඉදිරිපත් කෙරෙන බවයි.

ශ්‍රී ලංකාව පවතින අර්බුදයෙන් ගලවා ගත හැක්කේ නීත්‍යානුකූලව ක්‍රියාකරන, සොරකම් නොකරන, විශ්වසනීය පුද්ගලයෙකුට බව, ලක්තිලක මහතා තවදුරටත් අවධාරණය කරන අතර එම සියලු සුදුසුකම් සහිත පාඨලී චම්පික රණවක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම,ජනතා කැමැත්ත සහ ඉල්ලීම මත සිදුවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan