*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

චමරි වැඩේ තියෙන්නෙ ඔයාගෙ අතේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යනු චමරි අතපත්තු බව ලෝකයේ ක්‍රිකට් සංස්කෘතිය මේ වන විට වශ්වාස කරයි.මීට පෙර මේ තත්ත්වයම චමරි ද කණ්ඩායම තුළ සිටියදී කාලයක් ශෂිකලා සිර්වර්ධන අත්පත් කරගෙන සිටියාය.නමුත් පසුව ඇය එම පීඩකය ඇඟෙ කරෙන්ද කණ්ඩායමෙන් ද ගලවා තව කිහිප දෙනෙක් අතර බෙදා ගත්තාය.චමරි දී එයින් එක් අයෙකි.ඊට ඉනෝකා රණවීර,ඕෂධි රණසිංහ වැනි චරිත මෙන්ම ඒෂානි ලොකුසූරියගේ,දීපිකා රසාංගිකා වැනි චරිතද ඈදුණු පසුව ප්‍රතිවාදීන්ට එල්ලවන අභියෝගය විසල් ඉඩක පැතිරුණු කුඩා එකක් කර ගැනීමට වඩා,කුඩා ඉඩක පැතුරුණු විශාල එකක් බවට පත් කර ගන්නට සිඳුවිය.මේ තත්ත්වය නිසාම කාන්තා ක්‍රිකට් ලොව දැවන්තයන් ශ්‍රී ලංකාව මුල දණින් වැටිණ.

චමරි මේ වන විට මේ පරිනත තත්ත්වයට පත්වීම අවශ්‍යය වී ඇත.ඇය කොතනින්,කුමන මොහොතක පිත්තත් රැඟෙන පිටියට ආව ද ප්‍රතිවාදීන් ඒ පැමිණ මොහොතේ සිට මුළු අවධානය ඇය කෙරෙහි තබා ගන්න බව ඇත්තය.විශේෂයෙන්ම විස්සයි විස්ස තරගයක අඩක් ලෙස ගෙන පන්දු 60 ක් සේ චමරි පිටියේ සිටින බව සිතන්නටවත් ප්‍රතිවාදීන් කැමති නැත.ඊට විශේෂයෙන්ම ඉනෝකා රණවීරට මුහුණ දෙන්නට සිඳුවීම මෙන්ම ඕෂධි රණසිංහ වැන්නියක් ද ශ්‍රී ලංකාව සතුව සිටීමද විශාල බලපෑමකි.හොඳ ලකුණු පූවරුවක ප්‍රහාරයන්ට පිතිකාරිනියන් කැඳවා කඩුලු සොරා ගැනීමට චමරි ද සමතෙක්ය.

චමරි ගැන මෙසේ සිතන්නේ චමරි පමණක් නොවේය.ශ්‍රී ලංකා කණ්ඩායම ද සිතන්නේ ඒ ආකාරයටය.චමරි ද ඒ බව දන්නේය.මේ පීඩනය කණ්ඩායම මත කඩා වැටෙන්නට පුළුවන් නරකම තත්ත්වය ඇය ආරම්භක පිතිකාරිණිය වීම ය.මුළු බරම යොදා ඇයව දවා ගන්නට බලන ප්‍රතිවාදීන්ගේ පළමු ගොඳුර චමරි වුවහොත් එවැනි වටපිටාවක ශ්‍රී ලංකා කණ්ඩායමට හිතා ගන්නට අමාරු පීඩනයකට මුහුණ දෙන්නට සිඳු වන්නේය.

මේ මොහොතේ ක්‍රියාත්මක 20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පෙර පුහුණු කරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අයර්ලන්ත ක්‍රීඩිකාවන්ව පරාජය කළහ.ඒ ලකුණු දෙකකින්ය.මෙහිදි පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි සහ හර්ෂිතා පළමු කඩුල්ලට ලකුණු 46 ක් එක් කළේය.ඒ මත දැන් මුළු තරගාවලියම චමරි ආරම්භක පිතිකාරිණිය වනු ඇත.නමුත් හර්ෂිතාගේ අර්ධ ශතකයට පසුව වැඩිම ලකුණු ගණන වූ ලකුණු 36 එකතු කරපු විශ්මි ගුණරත්න ආරම්භක පිතිකාරිණිය සේ ප්‍රයෝජනයට ගතහොත් ශ්‍රී ලංකාවට තරගයක් ජය ගැනීමට ඇති සම්භාවිතාව වැඩි කර ගැනීමට ඉඩ වැඩිය.චමර් අංක හතර දක්වා පැමිණ මේ දිනවල ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්වාසවන්තම පිතිකාරිය සේ කටයුතු කර තිබෙන නිලක්ෂි ද සිල්වා අංක තුනට කැඳවා මුල් අංක හතර ඒ ආකාරයට පෙළ ගැස්වීම වඩාත් යහපත් වනු ඇත.

සම්ප්‍රදායක් විලාසිතාවක් සේ, මාධ්‍ය ඉදිරියේ කණ්ඩායමක් ලෝක කුසලානය ජය ගත හැකි බවට කරන පුරාජේරු කතාව ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් ඇසුණ ද අපට අනුවනම් මේ මොහොතේත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යනු ලෝක කුසලානය ජයගත හැකි කණ්ඩායමක්ය.කණ්ඩායමක් සේ තරගයකදී මේ ව්‍යහුය සම්බන්ධ වී තිබෙන්නේ හොඳම ආකාරයට නොවේය.පිතිකරු නාමාවලිය හරියට පෙළ ගැස්සෙන්නේනම් සහ ඒ ඒ භූමිකා තමන්ගේ කාර්යය නියමිත පරිදි ඉටු කරන්නේනම් අනිත් ඕනිම කණ්ඩායමක් ඇඳ ගැසෙනු ඇත.
ඉනෝකා,ඕෂධි,කවීශා සහ සුගන්ධි කුමාරි සහිත පන්දු යැවීමේ බල ඇණියට අවශ්‍යය වන්නේ අවස්ථාව ගලපා ගන්න හැකි මඳවේග පන්දු යවන්නියන් දෙදෙනෙක්ය.අත්දැකීම් සහිත චමරි හරියට මනස මෙහෙයවා ගත්තොත් ඇය ද එහි හොඳ දක්ෂතා දැක්විය හැකි මට්ටමක ඇත.දැනටමත් බොහෝ තරගවල පන්දු යවන්නියන්ගේ රාජකාරය අයහපත් නැත.එහෙත් පෙනෙන්නට නැත්තේ පෞද්ගලිකව හොඳ දක්ෂතා දැක්විය හැකි පිතිකාරිණියන් එකවර කණ්ඩායමට හොඳ සහයක් ලබා නොදීමය.මේ අස්ථාවර බව හැදිණ අතිරේක කඩුලු රකින්නිය වන කෞෂිකා නෘත්‍යාංජනී ද කණ්ඩායම ඇතුළට ගතහොත් පන්දු ඕවර් 20 තුළ හොඳ පිතිකරු සමූහයක් ගොඩ නැඟීම අපහසු නැත.එසේ නැතත් ශ්‍රී ලංකාවේ පිතිකාරිණියන් හරියටම වැඩේ කළහොත් ප්‍රතිවාදීන්ට හුස්ම ගැනීම පහසු නැත.මේ වන විට පන්දු රැකීම තවත් ඉහළට ඔසවා ගෙන තරග කළහොත් ශ්‍රී ලංකාව සිටින්නේ ලෝක කුසලානයට සමීප විය හැකි මාර්ගයකය.

නමුත් අප ඉන්දීය තුන්කොන් තරගාවලියේදී ද හේතු සහිතව පෙන්නා දුන් චමරි අඩි දෙකක් පිතිකරු නාමාවලියෙන් පස්සට පැමිණීම ගැන කාරණාව ඉෂ්ඨ කිරීමේ හැකියාව ඇත්තේ ඇයටමය.ඇයත් කණ්ඩායම් කළමණාකාරීත්වයත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර හරි දේ කරන හැටි ගැන හරියටම කල්පනා කරන්න.අපි චමරිටත් කණ්ඩායමටත් කියන්නෙමු.අපේ විශ්වාසය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මේ කුසලානය දිනා ගැනීම සඳහා විශාල ඉඩක් තිබෙන බවය.
චමරි වැඩේ තියෙන්නෙ ඔයාගෙ අතේ.
යළි යළිත් සිතන්න.ඔබ නිවැරදි තීරණය ගතහොත් පිතිකරු නාමාවලියේ පහතට පැමිණ ශ්‍රී ලංකාව ඓතිහාසික ගමණක් සඳහා ඉදරියට රැඟෙන යාමට නායකත්වය දුන්නේ ඔබ බවට ඉතිහාසයට එකතු වෙනු ඇත.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan