ඇමතිවරුන්ගේ කාර්යක්ෂමතාවය ගැන වාර්තාවක් : කංචන සහ ටිරාන් ඉදිරියෙන්ම

Date:

කැබිනට් අමාත්‍යවරුන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සති කිහිපයකට පෙර රහස් කමිටුවක් පත්කර ඇති අතර එහි වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව සඳහන්.

ජනාධිපති කාර්යාලයෙහි ඉහළම නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් පත්කෙරුණු මෙම කමිටුවේ වාර්තාව අනුව කාර්යක්ෂමතාව අතින් ඉදිරියෙන්ම සිටින්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන්ම QR කේත ක්‍රමය හඳුන්වා දෙමින් ඉන්ධන පෝලිම් නැතිකිරීමට කංචන විජේසේකර මහතා ගත් ක්‍රියාමාර්ග මෙන්ම විදුලිබල මණ්ඩලයේ මාෆියාවන් සමග ගැටෙමින් පාර්ලිමේන්තුවේ අණපනත් සම්මත කරගනිමින් රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට ඒ මහතා කළ වැඩකොටසත් එම වාර්තාවෙහි ඉහළින්ම අගය කර ඇති බව සඳහන්.

එසේම පසුගිය සමයේ බරපතළ ලෙස කඩාවැටී තිබුණු නීතියේ ආධිපත්‍යය රට තුළ යළි තහවුරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉටු කළ වැඩකොටස ද එම වාර්තාවෙහි ඉහළින්ම ඇගයීමට ලක්ව ඇති බවත් වාර්තා විය.

එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ පාර්ලිමේන්තුවට වැඩිම අණපනත් ප්‍රමාණයක් ඉදිරිපත් කරමින් සම්මත කරගැනීමට කටයුතු කළ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ දායකත්වයත් එම වාර්තාවෙන් ඉහළින්ම අගය කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මීට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාත් කාර්යක්ෂමතාව අනුව ඉදිරියෙන්ම සිටින්නේ යැයි එම වාර්තාවෙහි සඳහන් කර ඇති බවත් වාර්තා විය.

ජනාධිපතිවරයාට පසුව සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම විවේචනවලට මුහුණ දෙමින් සිටින්නේ ද කංචන විජේසේකර සහ ටිරාන් අලස් යන අමාත්‍යවරුන් බවත් එම කමිටු වාර්තාවෙන් ප්‍රකාශ කර ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...