රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW:
කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ බාබුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය.
අද දිනයේ ඇන්ටිගුවා හි වී.සී. බර්ඩ් (V.C. Bird) ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අග්රාමාත්යවරියව, එරට සෞඛ්‍ය, යහපැවැත්ම, පරිසර සහ රාජ්‍ය සේවා අමාත්‍ය මයිකල් ජෝසප් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වේ.
මෙවර සමුළුව “සෞභාග්‍යමත් පොදුරාජ්‍ය මණ්ඩලයක් උදෙසා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම” යන තේමාව යටතේ පැවැත්වේ.
පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් සාමාජික රටවල් 56ක රාජ්‍ය නායකයින් සහ රජයේ ප්‍රධානීන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.
සිය නිල සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයට (Commonwealth Women’s Forum) ද සහභාගී වීමට නියමිතව ඇත.



