තවත් කොවිඩ් මරණ 35ක් ඊයේ (07) දිනයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15656ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මාස දෙකකට පසුව මුල්වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 30 ඉක්මවා වාර්තා වූයේ පසුගිය ජනවාරි 31 වනදා ය. ඒ, මරණ 32ක් වශයෙනි.
පසුගිය මාසය වනවිට මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පැවතියේ 20ක් හෝ ඊට අඩු මට්ටමකිනි.
RN