ඇඟේ හයිය පෙන්නලා නම් අපේ සහාය ගන්න බෑ – රාජාසන කතාව වර්ජනය ගැන කිරිඇල්ල කියයි

ජනාධිපතිවරයා ඊයේ (07) නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කරමින් රාජාසන කතාව සිදු කරද්දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව ගියේ හදිසියේ ගත් තීරණයක් අනුව නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

“රාජාසන කතාව වෙලාවේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය හදිසියේ ගත්ත එකක් නෙවෙයි. මොකද පසුගිය අවුරුදු එකහමාර, දෙක තුළ විපක්ෂයක් හැටියට අපේ කාර්යභාරය ඉෂ්ට කරන අතර මේ රට ගොඩනගන්න අපි රජයට යම්කිසි සහයෝගයක් දුන්නා. උදාහරණයක් හැටියට වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති ධුරය භාරගත්තාට පස්සේ 19 වැනි සංශෝධනය යළි බලාත්මක කරන්න 21 වැනි සංශෝධනය ගෙනාවාම අපි අවශ්‍ය තුනෙන් දෙක දුන්නා. මෑත කාලෙදි අපි දකින දෙයක් තමයි හිතුවක්කාර ලෙස, මුළු ලෝකෙම එපා කියද්දී ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව තුළ බලය පාවිච්චි කරලා ඒ බලය තුළින් – දැක්කානෙ කථානායකතුමා හෙඩ්ෆෝන් එක දාගෙන, අපි කියන ඒවා ගැන තුට්ටුවකටවත් මායිම් නොකර ඒ කටයුත්ත සිද්ධ කෙරුවා. සමහර පනත් ගේනවා හදිස්සියේ. සාමකාමී විරෝධතාවලට පහර දෙනවා. ගරු ජනාධිපතිතුමා විපක්ෂයේ ඉන්නකොට ඔය මතය දැරුවේ නෑ. දැන් ජනාධිපති වුණායින් පස්සේ ඇඟේ හයිය පාවිච්චි කරලා අපේ සහයෝගය ගන්න හදනවා නම් ඒක ගන්න බෑ. දැන් ඇඟේ හයිය පෙන්නලා අපේ සහයෝගය ගන්නනෙ හදන්නෙ ? අපි ඒක දෙන්නෙ නෑ”

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සහ ශිෂ්ඨත්වයේ කොටුව ….

අනුර ජනාධිපතිතුමා එක තැනක කියනවා 'ශිෂ්ඨත්වයේ කොටුව ඇතුලේ ඉඳගෙන...

පොසිල ඉන්ධන අර්බුදයෙන් COP31 දේශගුණික සමුළුවේ සාකච්ඡා අඩාල වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : පොසිල ඉන්ධන...

රනිල් ආර්ථිකය ගොඩ අරන් දුවවන්න හදපු අශ්වයා 2027 වෙනකල් ගමන් කරනවා. එතනින් එහාට සංචිත ප්‍රශ්නයක් – බන්දුල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩගෙන ධාවනය කරවීම...

අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් ජාතික විරෝධතා දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...