*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මැරෙන්නෙ නැති මනුස්සයෙක් සමු අරන්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 08 කොළඹ (LNW): “තලංගම ජයසිංහ ගැන දුප්පත් සටහනක්”

සමහර මිනිස්සු කවදාවත් මරා දමන්නට බැරිය.මරණය තෙක් වන ජීවන ගමන කවදාවත් මරා දැමිය නොහැකි මතකවලින් පුරවන වැඩ කිරීම නිසා ඒ මිනිස්සු භෞතිකව ස්පර්ශ කළ නොහැකි වුවත්,යළි යළිත් මතුවෙන අවස්ථා අපට ජීවිතය තුළ හමුවෙනු ඇත.තලංගම ජයසිංහ එවන් උදාර මිනිසෙකි.

චිත්‍රකතාකරුවෙක් මෙන්ම කාටුන් ශිල්පියෙක් ලෙස ද සිය අනන්‍යතාවය අමරණීය කළ මේ සොඳුරු මිනිසා, මහා බර දේවල් අතිශයින් සරල වචන කිහිපයකින් මෙන්ම ඉරි කෑලි කිහිපයකින් සමාජයට ඉදිරිපත් කරන්නට සමත් විය.ඔහු අවසාන මොහොත වෙනතෙක්ම සමාජය අපේ නිවසට රැගෙන පලාමල්ල තුළ ඔබා රැගෙන ආවේය.එය රස,ගුණ මෙන්ම නැණ වඩන දැක්මකින්ද පෝෂණය වූ එකකි.

අනේ ද කියන්නෙ සිව් පදයද පේළි හතරකට රටම කැටි කළ අපූරු සමාජ දේශපාලන විග්‍රහයක්ය.සතුට, මධුර,සිත්තර සහ සත්සිරි වැනි පත්තර හරහා චිත්‍ර ශිල්පියෙකු මෙන්ම චිත්‍ර කතා රචකයෙකු ලෙස ද කැපී පෙණුන තලංගම ජයසිංහ තියුණු දැක්මකින් යුතුව සමාජය විනිවිද දැකීමේ දේශපාලන ඥානයකින් සිය චිත්‍ර කතාව පෝෂණය කළ අයෙකි.
අතිශයින් ජනප්‍රිය වූ තලංගමයන්ගේ වියරු මුහුද චිත්‍ර කතාව ඇසුරෙන් නිර්මාණය වූ සප්ත කන්‍යා සිනමා පටය,ඊටත් වඩා ජනතාව වැළඳ ගත්තේය.එසේම සෙනෙහසක කදුළු සහ ලොකු තාත්තා ද ඔහුගෙ චිත්‍රපට දක්වා දිගු වූණු චිත්‍රකතා නිර්මාණය.

ළමයින්ට වැදගත් ග්‍රන්ථ ගණනාවක් නිර්මාණය කර ඇති තලංගම ජයසිංහ,කාව්‍ය ග්‍රන්ථකරණයේද නියැලුණි.එසේම බලංගොඩ අනඳමෙත් හිමියන්ගේ මෙන්ම අනගාරික ධර්මපාල ඇසුරෙන් ද,ඔහු එම ජීවිත කතා එළිදැක්වීමට ද පියවර ගත්තේය.

ඔහු 1954 වසරේදී “දිනමිණ” පත්‍රයේ .ඒ “චිත්‍රා” චිත්‍ර කතාව හරහා චිත්‍රකතා ශිල්පයට පිවිසිණ.ඉනික්බිති ‘සිළුමිණට’ ‘ඇටසැකිල්ල’ ‘මිනිස්‌ දඩයම’ වගේ ජනප්‍රිය චිත්‍රකතා හරහා මිනිස්සු වැළදගත් තලංගම ජයසිංහ,එක්‌දස්‌ නවසිය පනහෙ පමණ සිට හේමපාල මුනිදාසගේ “සිංහලේ” පුවත්පතේ සිට ලිවීම ඇරඹූ අයෙකි.ඔහු වැඩිය යොමු වී තිබුණෙ කවියට සහ කෙටි කතාවටය. මීමන ප්‍රේමතිලකයන් කළ දිනමිණ සරස්‌වතී මණ්‌ඩපය තලංගම ජයසිංහගේ කවියට ලොකු ඉඩක් ලැබුණ තැනක් වී තිබිණි.

“විලම්භීත”, “මනස්‌ගාත” නමින් සිළුමිණ පත්තරේට කාටුන් ශිල්පියෙක් ලෙස සම්බන්ධ වෙන ඔහු දේශපාලන මැදිහත්වීම් සඳහා කාටුන් යොදා ගැනීම නිර්නාමිකව පවා කරන්නට මැදිහත් විය. සියරට ට ඔහු “විජිත” කියන නමින් ඉදිරිපත් කළ කාටුන් ඊට උදාහරණයකි. වඩාත්ම ඔහු පාඨකයන් නික්ම යන විට දැන සිටියේ සහ හැදින්වූවේ,Aතුමා නමින්ය,එම නිර්මාණය මෙන්ම පලාමල්ල ද එක් කර ග්‍රන්ථයක්ද පළ කළ එතුමා, ආයෙත් A තුමා සමඟ අප හමුවට නො’එනු ඇත.එහෙත් එතුමා මැවූ A තුමා මැවූ සදාකාලික සත්‍යය අපට එතුමාව අමතක කරන්නට ඉඩ නොදෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan