විදුලි වාහන ගැන චීනයෙන් නව වැඩපිළිවෙලක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ විධිමත් සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා ,චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළු ආයතන 9 ක් උපදෙස් මාලාවක් නිකුත් කරයි.

රටේ නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදන ව්‍යවසායයන්ට අදාළ ව්‍යාපාරවල පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන විදේශ රටවල ස්ථාපිත කිරීමට පියවර ගැනේ. එසේම, විදේශීය පර්යේෂණ ආයතන සහ කර්මාන්ත සමූහයන් සමග උපායමාර්ගික සහයෝගිතා ඇරඹීම ද දිරිමත් කිරීමද බලාපොරොත්තු වේ.

මීට අමතරව නිදහස් වෙළඳ ගිවිසුම්වලට අදාළ ප්‍රතිලාභ ප්‍රයෝජනයට ගැනීමේ දී නව බලශක්ති මෝටර් රථ හා බැටරි සමාගම්වලට රාජ්‍ය අංශයේ සහාය හිමි වනු ඇත.

චීන වෙළඳ සන්නාම පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගීමට මෙන්ම අපනයන ප්‍රමිතිකරණය ඔස්සේ සාධාරණ තරගකාරී පරිසරයක් නිර්මාණය කිරීමට එමගින් පියවර ගැනෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...