Thursday, March 30, 2023
spot_img

Latest Posts

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණය හමුවේ හෙළිවෙයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීම නිසා බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවී තිබේ.

ඊයේ (08) දිනයේදී එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කොළඹ අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට විමර්ශන නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබිණි.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිරවීමෙන් ඇතිවූ තුවාල මරණීය ඒවා නොවන බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ෂාෆ්ටර් මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ මරණයට හේතුව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති වෛද්‍ය සාක්ෂි පරස්පර බව ය. එකම වෛද්‍යවරයා අවස්ථා දෙකකදී මරණයට හේතු දෙකක් ඉදිරිපත් කර ඇති බවත් නීතීඥවරයා පැවසීය.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.