ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති සහ බැන් කි-මූන් අතර හමුවක්

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සහ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් සහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ වත්මන් සභාපති බැන් කි-මූන් මහතා අතර හමුවක් පවත්වා තිබේ.

ඊයේ (08) දින පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ කාර්යාලයේ සිදුවූ මෙම හමුවේදී රට තුළ ස්ථාපිත කළ හැකි හරිත මූල්‍යකරණ විකල්ප සහ ධාරිතා සංවර්ධනය පිළිබඳ දෙපිරිස සාකච්ඡා කර ඇති බව සඳහන්.