රැල්ල කාටද ? – පොහොට්ටුව අද අනුරාධපුරයේදී පෙන්වයි

0
973

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන රැලියක් අද (09) අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේත් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම දැවැන්ත රැලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද පස්වරු 02.00 ටය.

දිගු කලකට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික මට්ටමින් පවත්වන පළමු රැලිය වන්නේ ද මෙයයි.

මේ දිනවල විපක්ෂ කණ්ඩායම් පවසන්නේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය බරපතළ ලෙස පහත වැටී ඇති බවකි. එය කොතෙක් දුරට සත්‍යයද යන්න අද පොහොට්ටු රැලියේදී දැකගැනීමට හැකිවනු ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here