උපාලි කොළඹගේ
කොළඹ LNW:මහා පතරංග ජාතකය වැනි ඉතා දීර්ඝ අයවැයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ලැබුවා. දැන් සිදුකෙරෙනුයේ එහි පසුවිමසුමයි. ආණ්ඩුවට හිතවත් පාර්ශවයන් අයවැය යෝජනාවලට පක්ෂවද විරුද්ධ පක්ෂ හා ඔවුන්ගේ හිතවතුන් විරුද්ධවද කරුණු ඉදිරිපත් කරනු දක්නට ලැබෙනවා. එය අපේ රටේ සාමාන්‍ය පිළිවෙතයි.
අතර මැද තැනක ඉඳන් අදහස් දක්වනුයේ ඉතා කලාතුරකින්.
අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට ඉතා ආසන්නව තිබියදී ආණ්ඩුව පැත්තෙන් කියවුණ කරුණක් තමයි මෙවර අයවැය සහන වලින් ඔබ්බට ගිය අයවැයක් කියා. ඒක නම් ටක්කෙටම හරි. සහන නැතුවා නොවේ.
නමුත් අයවැය ඉලක්ක වී ඇත්තේ සාර්ව ආර්ථික සංවර්ධනයටයි. මගේද පෞද්ගලික අදහස එය සාර්ථක ව්‍යායාමයක් බවයි. හැබැයි ඔය කොයි දේත් පොඩි කොස්සක් හිටිනවා. එනම් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තරම් මුදල් වෙන්ව ඇත්ද යන්නය. නිවාස, පාලම්, ගොඩනැගිලි ආදිය සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත්ද යන්න පිළිබඳව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් සැක පහළ කරනවා. ඉදිකිරීම් කේෂ්ත්‍රය බලවත් සේ හැකිලුණු අවස්ථාවකයි අප මේ පසු කරමින් සිටින්නේ. මුදල් ඇතත් ශ්රමබලකාය එදිනෙදා නඩත්තු කටයුුතු පවත්වා ගෙන යෑමට ප්‍රමාණවත් නෑ. මෙය මෙයාකාරයෙන්ම රාජ්‍ය අංශය කෙරේද බලපානු ඇතිය යන්න බොහෝ දෙනකුගේ මතයයි.
මේ සියල්ලටම වඩා අයවැය යෝජනා මගින්ම ඉදිරිපත් වූ කරුණක් පාරාවළල්ලක් බවට පත්වෙමින් ආණ්ඩුව වෙත එනු දක්නට ඇත. එනම් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දීමනා වශයෙන් ” වැටුප් ” වැඩි කිරීමය. විශේෂයෙන්ම මේ හිමිකම ලැබී ඇත්තේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ටය. මෙය ඔවුන්ගේ වැටුප් ඉල්ලීම් අනියම් ආකාරයෙන් ඉටු කිරීමක් ලෙසද සැලකිය හැකිය. මේ පිළිබඳව ඇතැම් වෘත්තීය සංගම් තුළින් මේ හා සමාන ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර ක්‍රමයෙන් එම තත්ත්වය වර්ධනය වන ලකුණු ද පහළ වී ඇත.
මෙය ඉදිරියේදී සාධාරණව විසඳා නොගතහොත් එය බරපතළ තත්ත්වයක් විය හැකිය. සාමාන්‍ය ජනතාව මෙලෙස දීමනා වැඩි කිරීම තියන තැනටම බෙදීමක් ලෙස හැඳින් වුවද ඇතැම් සේවාවන් සඳහා ගමන් වියදම් ආදිය කලින් තිබූ ආකාරය කිසිසේත් සාධාරණ වන්නේ නැත.
මෙවැනි වැඩි කිරීම් අයවැය ලේඛනයක් මගින් සිදු කිරීම එතරම් ප්රඥාගෝචර නොවේය යන්න මගේ අදහසයි.


