ලාෆ්ස් ගෑස් මිල අඩුකරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් අඩුකිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරකයක මිල රුපියල් 5,995ක් දක්වා රුපියල් 745කින් අඩු කර ඇත.

එමෙන්ම රුපියල් 2720ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද අඩු කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙසේ ගෑස් මිල අඩුකිරීමට තීරණය කළ බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලියන 5ක TikTok රසිකයන් පිරිසක් ඉන්න Spud Bros මුණගැහෙන්න ගිය චාල්ස් රජු; කැමතිම Add-ons ටිකත් හෙළි කරයි!

සටහන – පුලීනොවැම්බර් 17, LNW (කොළඹ): එංගලන්තයේ තුන්වන චාල්ස්...

සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින්...

ට්‍රම්ප් පිලිපීනයේදී මෝදි ඇතුළු ලෝක නායකයන් හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අයවැයට පසු වදනක්!

උපාලි කොළඹගේ කොළඹ LNW:මහා පතරංග ජාතකය වැනි ඉතා දීර්ඝ අයවැයක්...