සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේ පළමු අදියර ලෙස පිලිපීනයට පැමිණ ඇති අතර, එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ලෝක නායකයන් කිහිපදෙනෙකු හමුවීමට නියමිතව තිබේ.
ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් පැවැත්වෙන මෙම හමුවලදී කලාපීය දේශපාලන හා ආර්ථික අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සංචාරයේදී ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත් Quad කණ්ඩායමේ නායක හමුවක් ද පැවැත්වීමට නියමිතවන අතර ඉන් අනතුරුව චීනයේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට (APEC) සහභාගී වීමට ද ට්‍රම්ප් සැලසුම් කර තිබේ.
ට්‍රම්ප්ගේ මෙම ආසියානු සංචාරය කලාපීය බල තුලනය, ජාත්‍යන්තර සබඳතා සහ ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දිනාගෙන තිබේ.

