*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

NPP ඉන්දියානු සංචාරයේ පස්වන හා අවසන් දිනය!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW):ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස සහභාගි වන ඉන්දීය සංචාරයේ පස්වන සහ අවසන් දිනය අද බව NPP පක්ෂය පවසයි.

ඔවුන් අද සංචාරයේ යෙදුනේ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (CPIM-Kerala) ප්‍රමුඛ වාමාංශික සන්ධානය විසින් බලය හොබවන කේරල ප්‍රාන්තයේය. තුන්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරල ප්‍රාන්තය අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර අතින් වේගවත්ව ඉදිරියට ගොස් ඇත. විශේෂයෙන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් කේරලය විසින් හිමිකරගෙන තිබේ.

අද (09) පෙරවරුවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve මහතා හමුවී සාකච්ඡා කරන ලද බව පැවසේ, P.Rajeeve ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන අතර පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ හිටපු සභාපතිවරයා මෙන්ම නීති උපාධිධාරියෙක්ද වෙයි.

කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve

ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායකයෝ වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Vikram Sarabhai Space Centre) නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ. එම ආයතනයේ අධ්‍යක්ෂවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ අතර ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්න ලදී. වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රෙය් ප්‍රධාන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර එය ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරයි. මේ අතර ජාතික ජන බලවේගය දූත පිරිස එහි පාලන මධ්‍යස්ථානය සහ අභ්‍යවකාශ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර ගෙන ඇත,

ඉන් අනතුරුව එම පිරිස ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ මුල්ම හා විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි Technoparkහි සංචාරයක නිරත වූහ. එහි ප්‍රධාන විධායක නිලධාරියා සමඟ ආයතනය හා සම්බන්ධ විශේෂ තොරතුරු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙම Technopark 1990දී ආරම්භ වන්නේ කේරල ප්‍රාන්ත මහඇමති ඊ.කේ. නයනාර්ගේ පාලන කාලයේදීය. එයට අක්කර 800කට වැඩි භූමිභාගයක් අයත් වන අතර ගොඩනැගිලිවල වර්ගප්‍රමාණය වර්ග අඩි මිලියන 10.6ක් බව සඳහන්ය. සමාගම් 480ක් එය තුළ ක්‍රියාත්මක වන අතර වෘත්තිකයෝ 70,000කට වැඩි පිරිසක් සේවයේ නියුතුව සිටිති. මෙය පරිපාලනය වන්නේ කේරල ප්‍රාන්ත පාලනය යටතේය.

අනතුරුව එම නියෝජිත පිරිස G Tech ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගි වූ අතර කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූහ. ඉන්පසු තිරුවානන්දපුරම් අගනුවර දකුණින් පිහිටි වෙරළබඩ Kovalamහි Vellar අත්කම් ගම්මානයේ සංචාරයකට සහභාගි වීමටද ජාතික ජන බලවේගයේ නායකයින්ට අවස්ථාව උදාවී ඇති බව සඳහන් වේ.

පස්දින නිල සංචාරයෙන් පසුව ජාතික ජන බලවේගයේ නායකයා සහ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිස 10වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම පක්ෂය කියා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan