*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

සමස්ත සිසු පරපුරෙන් 55%ක්, ආර්ථික අවපාතයට ගොඳුරු වෙලා – ඩලස් පාර්ලිමේන්තුවේදී කියයි

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): සමස්ත සිසු පරපුරෙන් 55%ක්, ආර්ථික අවපාතයට ගොඳුරු වෙලා ඇති බවත්, මින් 53%ක්, එනම් මිලියන දෙකක් පමණ තමන් පාවිච්චි කරන ඇඳුම්, පොත් පත්, සපත්තු මිලදී ගැනීම අඩු කර ඇති බවත් , සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3%ක්, පාසල් අත්හැර ගොස් ඇති බවද ඒ ලක්ෂයකට වැඩි පිරිසක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි,

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ,

” මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මැතුතුමා එදා සභාවෙදි කිව්වා, ජනාධිපතිතුමාගේ කතාවටත් මුදල් අමාත්‍යංශය ලනු දීලා තිබුනා කියලා. සාවාද්‍ය තොරතුරු සපයලා තිබ්බා කියලා. මහින්දානන්ද මැතිතුමා ඉතා වගකීමෙන් කීවා. මුදල් අමාත්‍යංශය ගැන එසේ කතා කිරීමට ඔහුට තිබ්බ කශේරුකාව ගැන මම ස්තූතිවන්ත වෙනවා. හැබැයි, එයින් පේන්නේ මොකක්ද? මුදල් ඇමතිවරයා විදියට ඉන්න රාජ්‍ය නායකයට ලනුවක් දෙන්න භාණ්ඩාගාරය සුදානම් උනා නම්, එතුමා කියන විදියට, මේ රටේ ජනතාවට දෙවියන්ගේ පිහිටවත් ඉතුරු වෙයිද? ඒ තොරතුරු මත නේ මේ සියලු බදු අප මත පටවන්නේ? සමජය මත පටවලා තියෙන්නේ? එහෙම වැරද්දක් වෙන්න පුලුවන්ද මුදල් අමාත්‍යංශයට මුදල් ඇමතිවරයා උනු රාජ්‍ය නායකයට තොරතුරු ඉදිරිපත් කිරීමේදි? ජනතාවගේ කාගෙවත් පිහිටක් නෑ කියන එක තමයි ඒකෙන් තහවුරු වෙන්නේ.

එතුමා කීවා අපේ රටේ සැබෑ ජාතික සම්පත අපේ තරුණ පරපුර. එය රැක ගැනීම අපේ ඒකායන අරමුණයි. රට ආරක්ෂාවෙන්නේ තරුණ දරු පරපුර ආරක්ෂා උනොත් විතරයි. මේ ප්‍රකාශය ඉතාම හොඳයි. ප්‍රකාශයේ කිසි ගැටලුවක් නෑ. හැබැයි මේ තරුණ දරු පරපුරට මොකක්ද අද වෙලා තියෙන්නේ. අපේ ඉතිහාසයේ නෙවෙයි දකුණු ආසියාවේ ඉතිහාසයේ පලමු වතාවට, පොත් වලට වැට් ගැහුවා. ඔබතුමිය අහලා තියෙනවද, දැනුමට වැට් ගහන රටක්? බුද්ධියට වැට් ගහන රටක් අහලා තියෙනවද? තියෙනවා ශ්‍රී ලංකාව. අපි යුනෙස්කෝ ප්‍රඥඥප්තියෙන්, ෆොලොරන්ස් ගිවිසුමෙන්, බැදිලා ඉන්නවා, සංස්කෘතිය, අධ්‍යාපන වැනි කාරණා වලට අදාල ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, වැට් හෝ බදු වර්ග ආදේශ කරන්නේ නෑ කියලා. ඒ යුනෙස්කෝ ගිවිසුමත් උල්ලංඝණය කරලා. ඒ විතරක් නෙවෙයි දැන් දරුවන්ගේ තත්වේ මොකක්ද? සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කරපු Household Survey on Impact of Economic Crisis – 2023 එකෙන්, මොකක්ද ප්‍රතිඵලේ..?


සමස්ත සිසු පරපුරෙන් 55%ක්, ආර්ථික අවපාතයට ගොඳුරු වෙලා තියෙනවා. මින්, 53%ක්, ඒ කියන්නේ, මිලියන දෙකක් විතර, තමන් පාවිච්චි කරන ඇඳුම්, පොත් පත්, සපත්තු මිලදී ගැනීම අඩු කරලා තියෙනවා. විශ්වාස කරනවද සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3%ක්, පාසල් අත්හැර තියෙනවා. ඒ ලක්ෂයකට වැඩි පිරිසක්. ඒ විතරක් නෙවෙයි 10%ක් පාසල් පැමිනීම අඛණ්ඩව සිද්ධ කරන්නේ නෑ.


ලක්ෂ 11 කට දිවාආහාර දෙනවා. දිවා ආහාරය ගන්න විතරක් දරුවෝ ඉස්කෝලේ එනවා. මම මාස 9ක් අධ්‍යාපන ඇමති මම දන්නවා. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා කැබිනට් ප්‍රතිකාවක් දැම්මා මාස 11ට ඉස්සෙල්ලා. මේ ලක්ෂ 11 සාධාරණ නෑ, ලක්ෂ 20 කරන්න කියලා. තවම මුදල් අමාත්‍යංශෙයෙන් ඒකට අවසර දුන්නේ නෑ. ජනාදිපතිතුමාගේ අවසරය දුන්නේ නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කෑම වේලට ගෙවන්නේ රුපියල් 85යි. කෑම දෙන්න බෑ. ඒ නිසා. ඉතාම බරපතල තත්වයක් මතු වෙලා තියෙනවා. ඒ සියල්ල මැද්දේ ආන්ඩුව විසඳුමක් විදියට තෝරාගන්නේ, මට පේන විදියට, මැතිවරණය මඟ හැරීම. ජාතික මැතිවරණ දෙකක් පැත්තකින් තියපු ආණ්ඩුවක් මේක. ජාතික මැතිවරණ දෙකක් වල දාලා තියෙන්නේ. ආන්ඩුව උපක්‍රමයක් හොයනවද? මම දන්නේ නෑ, සැකයක් මතුවෙනවා. ජනමත විචාරණ ගැන කතා කරනවා. වෙන මැතිවරණ ගැන කතා කරනවා. ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරනවා. ඒ නිසා ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් ජනමත විචාරණයක් තියලා මේ රට රුධිරයෙන් තෙත් කලා. තවම ඒ පාපයෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා අපිට. දේශපාලන ශබ්ද කෝෂයේ, ජනාතා විමුකිති පෙරමුණට ඇගිල්ල දික් කරනවා සමහරු.

කවුද කැලෑ වැද්දුවේ, කවුද කැලෑවට තල්ලු කලේ. ජනතා විමුක්ති පෙරමුණ ජනමත විචාරණයට විරුද්ධව උසාවි ගියා කියලා. කොමියුනිස්ට් පක්ෂෙන්, විජය කුමාරතුංග සහෝදරයාගේ පක්ෂෙන්, ජවිපෙ තහනම් කලා. කැලෑවට දැක්වූවා. ඒ නිසා මහජනතාව වීදියට ගේන, දරුණු තීන්දු වලට ගේන්න එපා, විපක්ෂයේ මොන මතබේද තිබුනත්. විපක්ෂය විතරක් නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන, ජනතා පරමාධිපත්‍යයට රකින්න කැප වෙච්ච සියලු බලවේග, මීට එරෙහිව නෑඟි සිටිනවා, ඒකාන්තයි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan