පකිස්ථානයේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයි

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 09,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථානයේ ඡන්ද විමසීම අවසන් වී පැය 12 කට අනතුරුවද ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වන අතර මැතිවරණය හේතුවෙන් පනවන ලද අන්තර්ජාල තහනම ප්‍රතිඵල ප්‍රමාදයට හේතුවූ බවයි එරට මැතිවරණ කොමිසම සඳහන් කර තිබුණේ,

මේ එරට මැතිවරණ කොමිසම සඳහන් කර තිබුණේ, මැතිවරණය හේතුවෙන් අන්තර්ජාල අත්හිටුවීම ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතු වූ බවයි.

මේ වන විට පකිස්තානයේ මැතිවරණ කොමිසම විසින් ආසන හතරක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන් ආසන දෙකක් තුන් වරක් හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පක්ෂය විසින් දිනා ඇති අතර අනෙක් දෙක ස්වාධීන අපේක්ෂකයින් විසින් දිනා ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.

මෙවර මැතිවරණය තුළ සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) සඳහා පුදුමාකාර ඉදිරියක් පෙන්නුම් කරන බව වාර්තා වන අතර හිටපු අගමැති නවාස් ෂරිෆ් හා හිටපු නායිකා බෙනාසීර් භූතෝගේ පුත්, පළමු වරට අපේක්ෂක බිලාල්වාල් භූතෝ සර්දාරි ද තරඟ මෙවර තීරණාත්මක තරඟ කරුවන් වේ.

රට පුරා වීදිවල සහ ඡන්ද මධ්‍යස්ථානවල දහස් ගණන් හමුදා භටයන් යොදවා ඇති අතර සාමකාමී ඡන්දයක් සහතික කිරීම සඳහා ආරක්ෂාව තර කර ඇති හෙයින් ඉරානය සහ ඇෆ්ගනිස්ථානය සමඟ දේශසීමා තාවකාලිකව වසා දමා තිබේ.

තර කළ ආරක්‍ෂාව නොතකා බෝම්බ පිපිරීම්, අත්බෝම්බ ප්‍රහාර සහ වෙඩි තැබීම්වලින් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු 12 දෙනකු මිය ගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර හුදකලා සිදුවීම් කිහිපයක් තිබියදීත්, සමස්ත තත්වය පාලනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...