නිශ්ශංක සනත්ව අභිබවා යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 08 කොළඹ (LNW): ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරගයකදී පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමේ භාග්‍යය පැතුම් නිශ්ශංකට හිමි වුණා.ඒ අද පල්ලෙකැලේ පැවත්වෙන ඇෆග්නිස්තානයට එරෙහිව පැවති ඇෆ්ගනිස්තාන සංචාරයේ පළමු එක්දින තරගයේදී යි.
පන්දු 136 දී පැතුම් ලකුණු 200 වාර්තා කළ අතර ශ්‍රී ලංකා ඉණිම කඩුලු 3 ට ලකුණු 381 ක් ලබා සිටියදී නිමාවන විට පැතුම් ලකුණු 210 ක් ලබා නොදැවී සිටියා.මීට ප්‍රථිම ශ්‍රී ලාංකිකයෙකු ජාත්‍යන්තර එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ සනත් ජයසූරිය ඉන්දියාට එරෙහිව සාජා හී දී වාර්තා කළ ලකුණු 189 වන අතර සනත් ඒ සඳහා පන්දු 161 ට මුහුණ දී සිටියා.එහෙත් අද ලකුණු 210 ක් නොදැවී රැස් කරන්නට පැතුම් නිශ්ශංකට වැය වුණේ පන්දු 129 ක් පමණයි.


මෑතකදී මුරලිදරන් විසින් ශ්‍රී ලංකාවට තරගයක් දිනවිය හැකි ක්‍රීඩකයින් එකල මෙන් දැන් නොමැති බව කියා තිබුණු අතර නිතර සමාජ මාධ්‍ය ජාලාවල එය හුවමාරු වෙමින් තිබෙන මොහොතක පැතුම් අලුත් වීඩියෝවකට සමාජ මාධ්‍ය ඇතුළත ඉඩ හසර විවර කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන විහ්වාසය තහවුරු කරන ඉණිමක නිරත වුණා.
බොහෝ විචාරකයින් සහ ක්‍රීඩාවේ ඇතැම් ප්‍රවීනයින් කොදෙව් ටෙස්ට් තරගයකට සහභාගි වෙමින් පළමු තරගයේදීම ශතකයක් ලබා ගත් මේ කුඩා සිරුරු සහිත ක්‍රීඩකයා එක්දින සහ විස්සයි විස්ස තරග ව්‍යහුයට නොගැලපෙන බව විශ්වාස කළ අතර මේ සටහන තන්නා ද සිටියේ එවැනි මතයකයි.නමුත් ඒ මතයන් පසු කළකදී අභියෝගයට ලක් කරමින් එක්දින පිටියේ සහ විස්සයි විස්ස පිටියේ දී ප්‍රවේගකාරී පිතිකරුවෙක් ලසෙ අවධානයට ලක් වූ පැතුම් අද සිය ලකුණු 210 සඳහා හයේ පහර අටක් සහ හතරේ පහර 20 ක් ඇතුළත් කර ගනු ලැබුවා.එහි ප්‍රහාරාත්මක් වේගය සටහන් වුණේ 151.-7% ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...